සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 198

ආලාන

න. සතුන්බඳින ටැඹ. (පි. 140)

ආලාප

පු. සම්භාෂණය, කථාකිරීම, පළමු වචනය, “අලාපොනාම පඨමවචනං” (පි. 140)

ආලාපන

න. කථාකරගැනීම, මනාකථාව. (පි. 140)

ආලාරපම්හ

පු. වක්වූ නීලවර්‍ණ දීර්‍ඝඅක්ෂිපත්‍ර, නැමුණු නිල්වන් දික් ඇස්පිහාටු. (පි. 140)

ආලාහන

න. සොහොන, සුසානභූමිය. (පි. 140)

ආලි

පු. ගෝනුස්සා, ඉ. මියර, නියර. යෙහෙලි. (පි. 140)

ආලිඛති

ක්‍රි. (ආ+ලිඛ √ භු. ලෙඛනෙ, ලිවීමෙහි = ඉරි ඇඳිමෙහි +ති) ලියයි, ඉරි අඳියි. (පි. 140)

ආලිඛන

න. ලිවීම, ඉරිඇඳීම. (පි. 140)

ආලිඛිත

ති. ලියන ලද, ඉරි අඳිනලද. (පි. 140)

ආලිඞ්ග

පු. මිහිඟුබෙරය, මෘදඞ්ගභෙරිය. (පි. 140)

ආලිඞ්ගති

ක්‍රි. (ආ+ලිඞ්ග √ භු. ලිඞ්ගනෙ, වැලැඳගැනීමෙහි +ති) වැලඳ ගනියි, ඔතයි. (පි. 140)

ආලිඞ්ගන

න. වැලඳගැන්ම, බදාගැන්ම, ප්‍රිය වචනය. (පි. 140)

ආලිඞ්ගිත

ති. වැලඳගන්නා ලද, ඔතන ලද. (පි. 140)

ආලිඞ්ගෙති

ක්‍රි. (ආ+ලිඞ්ග √ මු. චිත්තක්‍රියෙ, සිතියම් කිරීමෙහි +ණෙ+ති) වැලඳගනී, ඇලෙයි. (පි. 140)

ආලිත්ත

ති. දල්වනලද, දිලිසෙන ලද, තැවරූ, ගෑ, (පි. 140)

ආලින්ද

පු. අක්දෙරිය, ප්‍රකොෂ්ඨය, නිසවත්ත, ගෙයිපිළ, කයියෝරුව, බරාඳය, “පසාණෙපසනාලින්ද පමුඛද්වාරබන්ධනං”. ගෙයි ඉදිරි පැත්තේ ශාලාව, ඉස්තෝප්පුව. (පි. 140)

ආලිප්පති

ක්‍රි. (ආ+ලිප √ චු. ලිම්පනෙ, ආලේපනය කිරීමෙහි +ණෙ+ති) ගෑමකරයි, තවරයි. (පි. 140)

ආලිම්පති

ක්‍රි. (ආ+ලිප √ චු. ලිමපනෙ, දැල්වීමෙහි , ගිනි මෙලවීමෙහි +ති) ගිනිදල්වයි, මොලවයි. (පි. 140)

ආලිම්පන

ති. දැල්වීම, ගිනිදැල්වීම, ගෑම, තැවරීම. (පි. 140)

ආලිම්පිත

ති. දල්වන ලද, මොලවන ලද, ගානලද. (පි. 140)

ආලිම්පෙත්වා

පු.ක්‍රි. ගිනිතබා, ගිනිදල්වා, තවරා, ගා. (පි. 140)

ආලිම්පෙතුං

අ. ගිනිතබන්ට, තවරන්ට, ගාන්ට. (පි. 140)

ආලීක

න. බොරු, මිථ්‍යා. (පි. 140)

ආලු

න. ගෝලාකාර පැලෑටි වර්‍ගයක්. (පි. 140)