සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 199
ආලුක
ති. පහසුවෙන් වෙනස් විය හැකි, ඉක්මනින් දැනෙන ස්වභාවයක් ඇති, හිතට වැදීයන, (පි. 140)
ආලුප
න. කෑමට සුදුසු මුල් වර්ගයක් (රාබු). (පි. 140)
ආලුප්ප
න. (ආලොප+ණ) පිඩු, පිණ්ඩය. (පි. 140)
ආලුම්පති
ක්රි. (ආ+ලුම්ප √ භු. ලුම්පනෙ, ඇදීමෙහි, කැඩීමෙහි +ති) කඩයි, අදියි. (පි. 140)
ආලුල
පු. කැලඹීම, කැලතීම, අපිරිසිදුවීම, (පි. 140)
ආලුලති
ක්රි. (ආ+ලුල √ භු. මන්ථනෙ. කැළඹීමෙහි +ති) කලතයි, මථනයකරයි, කළඹයි. (පි. 140)
ආලුලමාන
ක්රි. වි. කලඹනුලබන, කම්පාකරණු ලබන. (පි. 140)
ආලුලිත
ති. කලත්තන ලද, කලඹන ලද, කම්පාකරන ලද. (පි. 140)
ආලුවකන්ද
පු. කෑමටගන්නා එනම් අලවර්ගය. (පි. 140)
ආලෙප
පු. ආලිම්පනය, ගෑම, තැවරීම, “එකෙනෙව ආලෙපන අපකඩ්ඪි.” (පි. 140)
ආලෙපන
න. ගෑම, තැවරීම, වැකීම. (පි. 141)
ආලෙපෙති
ක්රි. (ආ+ලිප √ චු. ලිම්පනෙ, ගෑමෙහි +ණෙ+ති) ගායි, ආලිම්පනය කරයි. (පි. 141)
ආලොක
පු. රශ්මිය, ප්රභාව, එළිය. (පි. 141)
ආලොකකර
පු. එළිය ගෙන එන්නා, ආලෝකය කරන්නා. (පි. 141)
ආලොකකසිණ
න. ආලෝකකසිණය, දශකසිණයන්ගෙන් එකක්. (පි. 141)
ආලොකදස්සන
ති. එළියදැකීම, රශ්මිය දැකීම. (පි. 141)
ආලොකදා
පු. එළිය දෙන්නා, රශ්මිය දෙන්නා. (පි. 141)
ආලොකන
න. බැලීම, නිරීක්ෂණය. (පි. 141)
ආලොකනීය
ති. දැක්කයුතු, දැකීමට සුදුසු. (පි. 141)
ආලොකඵරණ
ති. ආලෝකයතිරවීම, රශ්මිය විහිදුවීම. (පි. 141)
ආලොකබහුල
පු. සම්පූර්ණ (ආලෝකය) දැකීම. (පි. 141)
ආලොකරණ
ති. එළියකරන, ප්රභාමත් කරන. (පි. 141)
ආලොකසඤ්ඤා
ඉ. යම්වස්තුවක් පිළිබඳව පවත්නා සංඥාව, ආලෝකය පිළිබඳව පවත්නා සංඥාව. (පි. 141)
ආලොකසන්ධි
ඉ. කවුළුදොර, ජනෙලය. (පි. 141)