සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 200

ආලොකිත

ති. ඉදිරිබලන ලද, නිරීක්ෂණය කළ. (පි. 141)

ආලොකිතවිලොකිත

ති. ඉදිරිපසු බලනලද, (පි. 141)

ආලොකී

පු. දක්නා තැනැත්තා. (පි. 141)

ආලොකෙති

ති. (ආ+ලොක √ චු. දස්සනෙ, දැක්මෙහි +ණෙ+ති) ආලෝකනය කරයි, බලයි. (පි. 141)

ආලොචන

න. දැකීම, බැලීම, විමසාබැලීම, (පි. 141)

ආලොප

පු. බත්පිඩ, බත්ගුලිය, ආහාරය. (පි. 141)

ආලොපික

පු. ආලොපයෙන් යුත්, (බත්) පිඩකින් යුතු. (පි. 141)

ආලොල

පු. කැලඹීම, කම්පාව, චලනය, කොළාහලය. (පි. 141)

ආලොලන

න. කම්පාවීම, චලනයවීම. (පි. 141)

ආලොලිත

ති. අලලන ලද, කම්පාවන ලද. (පි. 141)

ආලොලෙති

ක්‍රි. (ආ+ලොල √ චු. උම්මාදනෙ, ලොල්වීමෙහි, උමතුවීමෙහි +ණෙ+ති) අලලයි, කලඹයි. (පි. 141)

ආලොලෙන්ත

ති. කලතමින්, (පි. 141)

ආව

√ භු. අවදාරණෙ, නිශ්චයෙහි, ආවති, නිශ්චයකරයි.
න. දුක්, අභාග්‍යය, අවාසනාව. (පි. 141)

ආවජති

ක්‍රි. (ආ+වද √ භු. වචනෙ, ඇතුළ් වීමෙහි +ති) ඇතුළ්වෙයි. (පි. 141)

ආවජ්ජ

ති. ආවර්‍ජනාව, ලාමකදෙය. (පි. 141)

ආවජ්ජති

ක්‍රි. (ආ+වද √ භු. වචනෙ, කීමෙහි වද = වජ්ජ+ති) නින්දාබෙණෙයි, ලාමක කොට කියයි. (පි. 141)

ආවජ්ජන

න. ආවර්‍ජනාව, බැලීම. (පි. 141)

ආවජ්ජිත

ති. ආවර්ජනා කරන ලද, බලන ලද. (පි. 141)

ආවජ්ජිත්වා

පු.ක්‍රි. ආවර්ජනාකොට, මෙනෙහි කොට. (පි. 141)

ආවට

පු. ආවෘත, වසනලද, බැසගත්, “තමොක්ඛන්ධෙන ආවටා.” (පි. 141)

ආවට්ට

පු. ආවර්තනය, කරකැවීම, දියසලාව, දියසුලිය. (පි. 141)

ආවට්ටති

ක්‍රි. (ආ+වට්ට √ භු. ආවත්තනෙ, වටකිරීමෙහි +ති) වටකරයි, කරකැවෙයි. (පි. 141)

ආවට්ටද්වාර

න. වසනලද දොරඇති. (පි. 141)

ආවට්ටන

න. ආවර්තනය, පෙරලීම. කරකැවීම, (පි. 141)