සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 201

ආවට්ටනය

එකම අර්‍ථය තවත් අර්‍ථයන්හි ආවර්‍තනය වීම (පරිවර්‍තනයවීම). (පි. 141)

ආවට්ටනා

ඉ. පරිවර්තනය, පෙරළීම. (පි. 141)

ආවට්ටනාවලි

ඉ. ශූද්‍රාෂ්ටක වැල, නවගුණ වැල. (පි. 141)

ආවට්ටහාර

පු. යම් හාරයෙක දේශනාරූඪවූ ධර්‍මයෝ සභාග විසභාය ධර්‍මවශයෙන් ආවර්‍තනය කරණු ලැබීම, (පි. 141)

ආවත්ත

ති. ආපසු නැමුණු, පෙරළා කරකැවුනු, ආවර්‍තනය, කරකැවීම. (පි. 141)

ආවත්තක

පු. ආවර්‍තකයා, අනුකූලව හැසිරෙන්නා, එකඟව පවත්නා තැනත්තා. (පි. 142)

ආවත්තති

ක්‍රි. (ආ+වතු √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ති) ආවර්‍තනය වෙයි. පෙරළෙයි, පවතියි. (පි. 142)

ආවත්තන

න. ආවර්‍තනය, කරකැවීම, ළඟට ඇදගැණිම. (පි. 142)

ආවත්තනීමායා

ඉ. තමාළඟට ඇදගන්නා මායාව. (පි. 142)

ආවත්තමාන

ති. කැරකෙමින්, ආවර්‍තනය වෙමින්. (පි. 142)

ආවත්ථික

ති. පෙරළෙන ලද, පරිභ්‍රමණය වන ලද.
ති. අවස්ථාවට සුදුසු, කාලෝචිත, මූලික නාම ප්‍රභේදයකි, බලිවද්දො, වචොරා, දම්මො යනාදිය මෙනි. (පි. 142)

ආවති

ක්‍රි. (ආව √ භු. අවදාරණෙ, නිශ්චයෙහි +ති) නිශ්චයකරයි. (පි. 141)

ආවපති

ක්‍රි. (ආ+වප+ √ භු. වප බීජ විනික්ඛෙපෙ, බිජු වැපිරීමෙහි +ති) බිජුවපුරයි, ධාන්‍යරොපනය කරයි. (පි. 142)

ආවපන

න. වැපිරීම, ධාන්‍යරොපනය. (පි. 142)

ආවර

පු. ආවරණය, වැසීම, ඡාදනය. (පි. 142)

ආවරණ

න. වැසීම, මුවහකිරීම. (පි. 142)

ආවරණතා

ඉ. වැසිම් භාවය, මුවහකිරිම් භාවය, (පි. 142)

ආවරණීය

පු. ආවරණයකටයුතු, වැසියයුතු. (පි. 142)

ආවරණීයධම්ම

න. ආවරණය කටයුතු ධර්‍ම, පඤ්චනීවරණ. (පි. 142)

ආවරති

ක්‍රි. (ආ+වර √ භු. සංවරණෙ, ආවරණය කිරීමෙහි +ති), ආවරණයකරයි. අසුරයි. (පි. 142)

ආවලි

ඉ. වෘක්ෂාදීන්ගේපෙළ, පඞ්ක්තිය. (පි. 142)

ආවසත

විසීම, වාසය කිරීම. (පි. 142)

ආවසත්ත

පු. වාසයකරන්නා, නිවසන්නා. (පි. 142)

ආවසති

ක්‍රි. (ආ+වස √ භු. නිවාසෙ, වාසය කිරීමෙහි +ති) වෙසෙයි, වාසය කෙරයි. (පි. 142)