සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 2
අකත
ති. (න+කට) නොකළ, අභිනව, “අකටවිසමුට්ඨානං”
ති. නොකළ. ස්වාභාවික. න. නිවන. (පි. 20)
අකතඤ්ඤූ
ති. (න+කතඤ්ඤූ) කළගුණ නොදන්නා, කළ උපකාර නොසලකන.
අකතඤ්ඤුස්ස පොසස්ස - නිච්චං විවර දස්සිනො,
සබ්බං මෙ පඨවිං දජ්ජා - නෙව නං අභිරාධයෙ. (පි. 21)
අකතවෙදී
ති. (න+කතවෙදී) කළ උපකාරය ප්රකටකොට නොදන්නා සුලු, කළගුණ නොදන්නා. (පි. 21)
අකත්තු
පු. නොකරන්නා, කර්තෘ නොවන්නා. (පි. 21)
අකථංකථි
පු. (න+කථංකථී) කෙසේද යන සැකනැත්තා. (පි. 21)
අකථිත
ති. කර්මාදි ෂට්කාරක සංඥාවන් විසින් අසවල් කාරකයයි නොකියන ලද. (පි. 21)
අකන්තික
ති. (න+කන්තික) කැමති නොවන, රිසි නොකරන. (පි. 21)
අකනිට්ඨ
පු. බුදුරජ. ති. බාල නොවන, ශ්රේෂ්ඨ. (පි. 21)
අකනිට්ඨ(ක)
පු. එනම් බ්රහ්මලෝකය, අකනිටාබඹලොව. (පි. 21)
අකප්ප
ති. (න+කප්ප) නොකැප, කැප නැති, අයුතු. (පි. 21)
අකප්පකත
ති. කප්බින්දු නොතබනලද, එසේ නොකළ සිවුර, (පි. 21)
අකප්පිත
ති. (න+කප්පිත) නොකපනලද නොසරසන ලද, පිළියෙල නොකළ. (පි. 21)
අකප්පිය
ති. (න+කප්පිය) කැප නැති, අයුතු, නුසුදුසු, කප්පතීති කප්පියො, න. කප්පියො, අකප්පියො, ශ්රමණ පරිභොගයට නුසුදුස්ස අකැපය. ඒවා එක්විස්සෙකි.
“දාරුං වෙඵං ඵලං පුප්ඵං චුණ්ණං නහාන මුඛොදකං - මත්තිකා දන්ත කඨංච නදදෙ කුල සංගහං.”
ති. (න+කප්පිය) කැප නැති. අයුතු, නුසුදුසු. (පි. 21)
අකමඤ්ඤතා
ඉ. (න+කම්මඤ්ඤතා) අකර්මණ්යභාවය, කර්මයට නුසුදුසු බව. (පි. 21)
අකම්ප
ති. (න+කම්ප) කම්පිත නොවන, අචල, නිශ්චල. (පි. 21)
අකම්පිය
ති. (න+කම්පිත) කම්පිත නොවන, සොලවන්ට නොහැකි. (පි. 21)
අකම්පියත්ත
න. (න+කම්පියත්ත) නොසැලෙන බව, නිශ්චල බව. (පි. 21)
අකම්ම
න. (න+කම්ම) අක්රියාව, කටයුතු නොකිරීම, ක්රියා නොකිරීම. (පි. 21)
අකම්මක
ති. කර්මයක් නැති, භු. ඨා, ආදිවූ ධාතූන්ට කර්මයන් නැත, (පි. 21)
අකම්මඤ්ඤ
ති. (න+කම්මඤ්ඤ) අකර්මණ්ය, කර්මයට නුසුදුසු, ක්රියාවට අයොග්ය. (පි. 21)
අකම්මණිය
ති. (න+කම්මණිය) අකර්මණ්ය, කර්මයට නුසුදුසු, ක්රියාවට අයොග්ය, කර්මානුරූප නොවන. (පි. 21)
අකම්මාස
ති. අතරතුර කැලල් නැති, සිල් නොබිඳුනු, (පි. 21)
අකරණ
න. (න+කරණ) නොකිරීම. නොඉපදවීම. (පි. 21)
අකරණිය
ති. නොකටයුතු, සිදු නොකටයුතු. (පි. 21)