සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 3

අකල්ල

න. (න+කල්ල) රෝගය. ති. නුසුදුසු. අදක්ෂ. අනිපුණ. (පි. 21)

අකල්‍ය

ති. (න+කල්‍ය) රෝගීබව, සුව නැති බව. නුසුදුසු බව. අදක්ෂබව. අනිපුණබව. (පි. 21)

අකලු

න. අගිල්, අඤ්ජනම. (පි. 21)

අකසිර

ති. (නි+කසිර) හිරිහැර රහිත, නිදුක්, පීඩා නැති, අනායාසයෙන්. (පි. 22)

අකසිරලාභ

පු. (න+කසිරලාභ) නිදුකින් ලැබීම, හිරිහැර රහිතව ලැබීම, සුවසේ ලැබීම, කැමතිපරිදි ලැබීම. (පි. 22)

අක්ක

පු. සූර්‍ය්‍යයා. වරාගස
√ චු. ස්තුතියෙහි. අක්කෙති, අක්කයති. ස්තුති කරයි. (පි. 18)

අක්කන්ත

ති. (ආ+කමු+න) ආක්‍රමණය කළ, පාගන ලද, යටත්කළ. (පි. 18)

අක්කමණ

න. (ආ+කමු+ යු = අන) ආක්‍රමණය, පෑගීම. ළඟාවීම (පි. 18)

අක්කමති

ක්‍රි. (අභි+කමු. √ භු. පදවික්ඛෙපෙ, යාමෙහි +ති) ඉදිරියට යෙයි. (පි. 87)

අක්කවාට

න. දොරක් වෙනුවට වලඳිනා පැලැල්ල, පැලැලි දොර. (පි. 18)

අක්කුට්ඨ

ති. (ආ+කුස+ත=ට්ඨ) ආක්‍රෝශ කරනලද, නින්දා කරනලද, පරිභව කරනලද. (පි. 18)

අක්කුද්ධ

ති. (න+කුද්ධ) - නොකිපුනු (පි. 19)

අක්කුල

ති. ආකුල, අවුල් වූ. පටලැවුනු. (පි. 19)

අක්කොධ

පු. (න+කොධ) ක්‍රෝධයට ප්‍රතිපක්ෂධර්‍මය, මෛත්‍රිය. න. ක්‍රෝධ නොකිරීම.
ති. (නත්ථි කොධො යස්ස සො) ක්‍රෝධ නැති, නොකිපෙන (පි. 19)

අක්කොස

පු. (ආ+කුස+භාවෙ-ණ) ආක්‍රෝශය, අපහාසය, නින්දාව. (පි. 19)

අක්කොසක

ති. (ආ+කුස+ණවු) ආක්‍රෝශ කරන, නින්දා කරන. (පි. 19)

අක්කොසකභාරද්වාජ

පු. මේ නම ඇති බමුණා බුදුරජාණන් වහන්සේට නින්දා පරිභව කළ හෙයින් ‘අක්කොසක භාරද්වාජ’ නම් විය. “අක්කොසං වධ බන්ධං ච අදුට්ඨො යො තිතික්ඛති - ඛන්ති බලං බලාණිකං තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං” (පි. 19)

අක්කොසන

න. (ආ+කුස+භාවෙ - යු = අන) ආක්‍රෝශ කිරීම, පරිභව බිණීම. (පි. 19)

අක්කොසවත්ථු

න. ඔට්ඨොසි, ගද්‍රෙභාසි (=ඔටුවෙක් වෙහිය කොටළුවෙක් වෙහි ය) යන මේ ආදී වශයෙන් ආක්‍රෝශ පිණිස ව්‍යවහාර කරන දශවිධ කරුණු. “දසවිධ අක්කොසවත්ථු” බලනු. (පි. 19)

අක්ඛ

√ ව්‍යත්ති සඞ්ඛාතෙසු (භූ) ව්‍යත්ති සංඛාත අර්‍ථයෙහි, අක්ඛති.
පු. රථයෙහි රෝදදෙක එකාබද්ධකරන යකඩය, අලවංගුව. විසිවියටක බර හුණිඳ පසෙක බර පස ඇට. බුළුගස. සුවස ලුණු. පන්දුකෙළිය. න. චක්ෂුරාදි ඉන්ද්‍රිය. (පි. 19)

අක්ඛක

පු. ගලග ඇටය, කණ්ඨයේ (බෙල්ලේ) කෙළවර පිහිටි ඇටය, ගලසර ඇටය. පසඇටින් කරන ක්‍රීඩාව සූදුකෙළිය (පි. 19)

අක්ඛකලා

ඉ. අක්ෂක්‍රීඩාව (=දාදුකෙළිය). (පි. 19)

අක්ඛග්ගඛීල

පු. රිය අකුර අග ගසන ඇණය, කඩඇණය, රථරෝද සවිවීමට අලවඞ්ගු කෙළවර ගසන ඇණය. (පි. 19)

අක්ඛචර

පු. ඇතුළත හැසිරෙන්නා, අභ්‍යන්තරිකයා. (පි. 52)