සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 248

උත්තරසාටක

පු. උතුරු සළුව. (පි. 170)

උත්තරා

ඉ. උතුරු දිසාව, උත්තර දිශාව. (පි. 171)

උත්තරාධර

න. උඩුතොල, උස් පහත්. (පි. 171)

උත්තරාපථ

න. උත්තරා පථය. (පි. 171)

උත්තරායන

න. හිරු උතුරෙන් ගමන් කිරීම, ශිශිරාදි ඍතු, නවම් ආදි සමස. (පි. 171)

උත්තරාසඞග

පු. (උත්තර+ආසඞග) උතුරු පැත්ත වැසීම, උතුරු සළුව.
න. වස්ත්‍රය, උතුරු සලුව, තනිපට සිවුර. (පි. 170)

උත්තරිං

අ. මතුයෙහි, ඊට අනතුරුව. (පි. 171)

උත්තරිකරණීය

පු. මතුමත්තෙහි කටයුතු. (පි. 171)

උත්තරිත

ති. එතෙර වන ලද, එගොඩ වූ. (පි. 171)

උත්තරිමනුස්ස

පු. මනුෂ්‍යත්වය ඉක්මවූ, මනුෂ්‍ය බලයට වැඩිවූ. (පි. 171)

උත්තරිමනුස්සධම්ම

පු. මනුෂ්‍ය ධර්‍මයෙන් උසස්ව පවත්නා ධ්‍යාන සමාපත්ති මාර්ග ඵලාදී ධර්‍ම. (පි. 171)

උත්තරිසාටක

පු. උත්තර සාටකය, උතුරු සළුව. (පි. 171)

උත්තරිහඞ්ග

පු. කැවිලි වර්ගයක්. (පි. 171)

උත්තරී

ඉ. උතුරු දිශාව. (පි. 171)

උත්තරීක

ති. ශ්‍රේෂ්ඨ, උසස්. (පි. 171)

උත්තරීතර

පු. (උත්තර+ඉතර) මීට වඩා උසස් කෙනෙක් නැති, ශ්‍රේෂ්ඨ, උසස්. (පි. 171)

උත්තරීය

න. උතුරු සළුව, උතුරට අයත්. (පි. 171)

උත්තරුත්තර

අතිශයින් උතුම්, වැඩියක්. (පි. 171)

උත්තරොට්ඨ

න. උතුරු තොල, උඩු තොල. (පි. 170)

උත්තරොත්තර

ශ්‍රේෂ්ඨ, අතිශයින් උතුම්. (පි. 171)

උත්තසති

ක්‍රි. (උ+තස, √ භු. උබ්බගෙ, බියපත් වීමෙහි +ති), තැති ගනී. (පි. 171)

උත්තසන

න. තැතිගැනීම, ත්‍රස්ත වීම. (පි. 171)

උත්තස්ත

ති. තැතිගත්, ත්‍රස්ත වන ලද. (පි. 171)

උත්තසිත

ති. තැතිගන්නා ලද, ත්‍රස්ත වන ලද. (පි. 171)