සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 249

උත්තා

ඉ. උක්තා නම් ඡන්දස, එක අකුරක් ඇති ඡන්දස. (පි. 171)

උත්තාන

ති. නොගැඹුරු,උඩුරු, උඩුබැලි. (පි. 171)

උත්තානක

පු. උඩුකුරු වූ. (පි. 171)

උත්තානත්ථ

න. පැහැදිලි අරුත් ඇති, ප්‍රකට අර්‍ථ ඇති. (පි. 171)

උත්තානමුඛ

පු. පැහැදිලි මුඛයක් ඇති, පහසුවෙන් අවබෝධ කළ හැකි. (පි. 171)

උත්තානසයන

න. උඩුකුරු සනයක් ඇති. (පි. 171)

උත්තානසෙය්‍යක

පු. උඩුකුරුව සයනය කරන්නා=උඩබලා හෝනා ලදරුවා, උඩුබැලි සයනය ඇත්තා. (පි. 171)

උත්තානිකම්ම

න. කර්‍මය ප්‍රකට කිරීම, පැහැදිලි කිරීම. (පි. 171)

උත්තානී

ඉ. අප්‍රකට වූවක් ප්‍රකට කිරීම, පැහැදිලි කිරීම. (පි. 171)

උත්තානීකරණ

න. උඩුකුරු කිරීම, විවරණ විභජනයන්ගෙන් දක්වන ලද්ද, උපමා දැක්වීමෙන් ප්‍රකට කොට දැක්වීම. (පි. 171)

උත්තාපන

න. තැවීම, රත් කිරීම. (පි. 171)

උත්තාපිත

ති. තවන ලද, රත් කරන ලද, රත්කළ. (පි. 171)

උත්තාපෙති

ක්‍රි. (උ+තප. √ භු. සන්තාපෙ, තැවීමෙහි +ති), තවයි. (පි. 171)

උත්තාරණ

න. එතෙර වීම, එගොඩ වීම. (පි. 171)

උත්තාරිත

ති. එතර වන ලද, එගොඩ වූ. (පි. 171)

උත්තාරෙති

ක්‍රි. (උ+තර. √ භු. තරණස්මිං, එතරවීමෙහි +ණෙ+ති), එතෙර කෙරෙයි. (පි. 171)

උත්තාස

පු. (උ+තස+ණ) උත්‍රාසය, තැතිය. (පි. 171)

උත්තාසන

න. තැතිගැන්ම. (පි. 171)

උත්තාසිත

ති. අමුණන ලද, නගන ලද, තැතිගන්වන ලද, ත්‍රාස කළ. (පි. 171)

උත්තාසිතත්ත

පු. ත්‍රාස ස්වභාවය, පු. තැති ගැන්වූ බව. (පි. 171)

උත්තාසෙති

ක්‍රි. (උ+තස √ භු. උබ්බෙගෙ, බියපත් වීමෙහි +ණෙ+ති), බිය ගන්වයි, තැති ගන්වයි. (පි. 171)

උත්තිට්ඨ

න. පිඬු සිඟා ලත් අහර, ඉඳුල් අහර.
ක්‍රි. (උ+ඨා ඨා ධාතුවට තිට්ඨ ආදේශ වීමෙන්) නැගී සිටුව. (පි. 172)

උත්තිට්ඨති

ක්‍රි. (උ+ඨා. √ භු. ගතිනිවුත්තියං, ගමන් වැල කීමෙහි නොහොත් සිටීමෙහි +ති) නැගී සිටියි. (පි. 172)

උත්තිණ

න. පිදුරු අස් කිරීම. (පි. 172)