සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 250

උත්තිණ්ණ

ති. (උ+තර+ත=ඉණ්ණ) එතෙර වන ලද, එගොඩ වන ලද, “උත්තිණ්ණං තං අඤ්ඤතරං ගොපාලිකං පස්සිත්වා එතදවොච.” (පි. 172)

උත්තුඞග

ති. උස්, වඩා උස. (පි. 172)

උත්තෙජිත

ති. තියුණු කරන ලද, යවන ලද. (පි. 172)

උත්‍රස්ත

ති. තැතිගත්, ත්‍රස්ත වන ලද. (පි. 171)

උත්‍රස්තචිත්ත

ති. තැතිගත් සිත් ඇති, ත්‍රස්තවන ලද සිත් ඇති. (පි. 171)

උත්‍රාස

පු. භය, තැතිගැනීම, මහත් භය. (පි. 172)

උතු

ඉ. පු. ඍතුව, ඹසප් = මල්වර වීම, උතුම්. (පි. 169)

උතු ආචික්ඛන

න. ඍතුව කීම. (පි. 169)

උතු ආහාර

පු. ඍතු ආහාරය. (පි. 169)

උතුක

පු. ඍතුවට අයිති. (පි. 169)

උතුකාල

පු. ඍතු කාල, මල්වර වීමේ කාලය. (පි. 169)

උතුජ

ති. ඍතුවෙන් ඇති වූ=උපන්, යාග කරන්නා. (පි. 169)

උතුනිබ්බත්ත

ති. ඍතුවෙන් උපන්. (පි. 169)

උතුනී

ඉ. කිලි ඇත්තී, මල්වර වී සිටින්නී, ඹසප් වූ තැනැත්තී. (පි. 169)

උතුපමාණ

න. ඍතු මැනීම, ඍතු ප්‍රමාණය. (පි. 169)

උතුපරිනාම

න. ඍතූන් ගේ පෙරලීම. (පි. 169)

උතුපරිනාමජ

ති. ඍතූන්ගේ පෙරලීමෙන් හටගත්, “උතුපරිනාමජා ආබාධා” (පි. 169)

උතුපරිස්සය

න. ඍතු පීඩාව, ශීතොෂ්ණාදී ඍතු නිසා හට ගන්නා පීඩාවන්. (පි. 169)

උතුප්පච්චය

න. උතු සමුට්ඨානික රූපයන්ගේ පැවතීමට හා විනාශයට ප්‍රත්‍ය වීම. (පි. 169)

උතුපුබ්බ

පු. එක එක ඍතුවක් පටන් ගැනීමේ දී පවත්වන උත්සවය. (පි. 169)

උතුමග්ග

පු. ඍතු මාර්ග, ස්ත්‍රී ලිඞගය. (පි. 169)

උතුමතී

ඉ. ඍතු ඇත්තී, ඹසප් වූ තැනැත්තී. (පි. 169)

උතුරාජ

පු. වසන්ත ඍතුව. (පි. 169)

උතුවස්ස

න. හේමන්ත හා ග්‍රීෂ්ම ඍතු. (පි. 169)