සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 251

උතුවාර

පු. ඍතු සමය. (පි. 169)

උතුවිකාර

පු. ඍතු වෙනස්වීම, ඍතුවිකාරය. (පි. 169)

උතුවෙරමණි

ඉ. ඍතුගෙන් වෙන්වීම, ඔසප් කාලයෙන් වෙන්වීම. (පි. 169)

උතුසංවච්ඡර

පු. ඍතු සංවත්සරය, ඍතු චක්‍රය. (පි. 169)

උතුසප්පාය

පු. ඍතු සත්ප්‍රාය, ඍතූන්ට සෑහෙන. (පි. 169)

උතුසමය

ඍතු කාලය, ඹසප් කාලය. (පි. 169)

උතුසමුට්ඨාන

න. ඍතූන් ප්‍රත්‍යය වී නිපන්, ඍතුජ රූපය. (පි. 169)

උද

අ. පරිවිතර්‍ක අපි ශබ්දාර්ථ, පක්ෂාන්තර, නොහොත් යන මෙහි.
න. ජලය, දිය.
භු. මොදෙ කී ළායඤ්ච සතුටුවීමෙහි, ක්‍රීඩාවෙහි, උදති=සතුටුවෙයි, කෙළියි. (පි. 172)

උදක

න. ජලය, දිය. (පි. 172)

උදකකඤ්ජික

න. දිය කැඳ, දිය හා කැඳ. (පි. 174)

උදකකටාහ

න. කල්දේරම්, ලොකු දිය බදුන්. (පි. 174)

උදකකථා

ඉ. දිය පිලිබඳ කථා. (පි. 174)

උදකකන්දර

පු. දියකඳුර, දිය කඳුරැලිය. (පි. 174)

උදකකලස

න. දිය කලය, දිය කොතලය. (පි. 173)

උදකකලහ

පු. ජලය පිළිබඳ කොළාහලය. (පි. 172)

උදකක්ඛන්ධ

න. ජල කඳක්, දිය කඳක්. (පි. 174)

උදකකාක

පු. දියකාවා.
පු. දිය කාක්කා. (පි. 173)

උදකකිච්ච

පු. ජල කෘත්‍යය, දිය නෑම්, සේදීම් ආදි දේ. (පි. 172)

උදකකිලිකා

ඉ. දිය කෙළිය, ජල ක්‍රීඩාව. (පි. 174)

උදකකීළා

ඉ. දියකෙළිය, ජල ක්‍රීඩාව. (පි. 172)

උදකකොට්ඨක

න. දිය කොටුව, නාහන කොටුව, නාන කාමරය, “අනුජානාමි භික්ඛවෙ උදක කොට්ඨකං.” (පි. 174)

උදකගණ්ඩුසක

පු. දිය කොපුල, ජල කපොලය. (පි. 174)

උදකගහනසාටක

න. දිය ඇඳුම, ජල-සාටකය, නාන ඇඳුම. (පි. 172)

උදකඝට

පු. වතුර කළය, දිය කළය, වතුර භාජනය. (පි. 174)