සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 252

උදකච්ඡ

පු. දිය කිස්ස. (පි. 172)

උදකචාටී

ඉ. දිය සැළිය, පැන්සැල, පින්තාලිය. (පි. 174)

උදකචික්ඛල්ල

න. මඩ බහුල තැන්, දිය මඩ, මඩ වගුරු, මඩ සහිත තැන්, “ද්වෙ වස්සන්තෙ උදක චික්ඛල්ලෙ ඔකපුණ්ණෙහි චිවරෙහි.” (පි. 174)

උදකජල්ලිකා

ඉ. උදක ලසිකා, දිය දැලි. (පි. 174)

උදකට්ඨ

ති. දියෙහි පිහිටි, ජලයෙහි තුබූ, ජලස්ථ. (පි. 174)

උදකට්ඨකථා

ඉ. දියෙහි තැබූ දේ පිළිබඳ කථාව. (පි. 174)

උදකට්ඨාන

න. දිය ලබාගන්නා තැන, ජලස්ථානය. (පි. 174)

උදකට්ඨානකථා

ඉ. පැන්තොටේ දී කරන කථා, ගැහැණුන් පැන්තොටේ දී එක එක්කෙනා ගැණ කරන කථා. (පි. 174)

උදකණ්ණව

පු. ජල ගැල්ම. (පි. 172)

උදකතාරකා

ඉ. දියෙහි දක්නා තම පිළිබිඹුව, “උදකපානෙ උදකතාරකා විය දිස්ස‍ති.” (පි. 174)

උදකතිත්ථ

න. නාන තැන, ලිඳ ළඟ, පැන් තොට. (පි. 174)

උදකතුම්බ

න. දියලබුව, ඩබරුව, දිය වත්කරන මහ සැලිය. (පි. 174)

උදකතෙලක

පු. ජලය හා එකතුකළ තෙල් මිශ්‍ර‍නයක්. (පි. 172)

උදකථෙව

පු. දිය බින්දු, ජල බින්දු. (පි. 172)

උදකදහ

පු. විල, තඩාගය. (පි. 172)

උදකදහනපොණ

පු. මුඛය හා දත් පිරිසිදු කරන ජලය. (පි. 172)

උදකදෙඩ්ඪූභ

පු. දිය බරියා, දිය නයා. (පි. 174)

උදකදොණි

න. ජලය වත්කරණ ඔරුව, දියෙදෙණ. (පි. 174)

උදකදොණිකා

ඉ. වතුර බාල්දිය. (පි. 172)

උදකධාරා

ඉ. ජලධාරාව. (පි. 172)

උදකන්තරා

ඉ. ජලයෙන් වන අනතුර, දශවිධ අන්තරාවන්ගෙන් එකක්. (පි. 173)

උදකනිද්ධමන

න. කාණුව, වාරිමාර්‍ගය.
න. දිය කාණුව, දිය සොරොව්ව. (පි. 174)

උදකනිබබාහන

න. දියෙන් (ශ්‍රිෂ්මය) නිවීම. (පි. 172)

උදකනිමිත්ත

න. උදකනිමිත්ත, සීමා සම්මතයට අවශ්‍ය අටවැදෑරුම් නිමිති අතුරෙන් එකක්. (පි. 174)