සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 269

උපච්ඡෙදකම්ම

න. එක කර්‍මයකින් විපාක විඳින අතර අන්‍යකර්‍මයකින් එය සිඳදැමීම, ඒ දෙවෙනි කර්‍මය. (පි. 187)

උපච්ජුම්භති

ක්‍රි. (උප+ඡුහ+ති √ රු. නිච්ඡු භෙ, කාරා දැමීමෙහි +ති) ඉදිරියට වීසි කරයි. (පි. 187)

උපචාර

න. ආදරය, පූජාව, වෙනසක්නැතිව ගැනීම, වියරණ විසි සතරෙන් එකක්.
පු. (උප+චර+ණ) ළඟ, සමීපය, අත්පස, දෙවන ජවන්සිත, එක්රියන්හමාර, එපමණ පලල්වූ පෙදෙස, “දියඩ්ඪහත්ථ විත්ථාරො මග්ගො උපචාරො,” (පි. 181)

උපචාරක

පු. ආරක්ෂකයා, සේවය කරන්නා. (පි. 181)

උපචාරඣාන

න. උපචාරධ්‍යානය, අර්පණාවට සමීපවූ ධ්‍යානය, නීවරණ ප්‍රහීණයෙන් ලැබන ධ්‍යානය. (පි. 181)

උපචාරභාවනා

ඉ. උපචාර භාවනාව. (පි. 181)

උපචාරභූමි

ඉ. උපචාර සමාධිය, නිමිති පහළ වූ කළ සිත සමාධියට පැමිණෙන එක් සමාධියක්, “උපචාරභූමීති උපචාරසමාධි.” (පි. 181)

උපචාරවචන

න. ව්‍යවහාරවන වචන, භාවිත වන වචන, “උපචාරවචනං වුච්චති වොහාර වචනං.” (පි. 181)

උපචාරසමාධි

ඉ. උපචාර සමාධිය, අර්පණාවට සමීපයෙහි හැසිරෙන සමාධිය. (පි. 181)

උපචාරසීමා

ඉ. උපචාර සීමාව, පසළොස් වැදෑරුම් සීමාවන්ගෙන් එකක්. (පි. 181)

උපචිකා

ඉ. වේයා. (පි. 187)

උපචිකාමත්තික

න. වේපස්, කැඩුණු බිඳුනු දේ. (පි. 187)

උපචිණ්ණ

ති. රැස්කළ, පුරුදු කළ. (පි. 187)

උපචිණාති

ක්‍රි. (උප+චි. √ කි. චයෙ, රැස් කිරීමෙහි +ණා+ති) රැස් කරයි, රාශිභූත කරයි. (පි. 187)

උපචිත

ති. රැස් කළ, එකතු කළ. (පි. 187)

උපචිතත්ත

න. රැස් කිරීම, රාශිභුත කිරීම. (පි. 187)

උපචිත්‍රා

ඉ. උපචිත්‍රා වෘත්තය, මාත්‍රාසමක ජාතීන් අතුරෙන් සවන වෘත්තය
ඉ. උපචිත්‍රා වෘත්තය, මාත්‍රාසමක ජාතීන් අතුරෙන් සවන වෘත්තය. (පි. 187)

උපජ්ඣා

පු. උපාධ්‍යාය, උපාධ්‍යායයන් වහන්සේ, (පි. 187)

උපජ්ඣාචරිය

පු. උපාධ්‍යායාචාර්‍ය්‍යවරයා, උපාධ්‍යායවූ ගුරුවරයා. (පි. 187)

උපජ්ඣාය

පු. උපාධ්‍යායයා, භික්ෂූන්ගේ මහණ උපසම්පදා දෙක්හි ප්‍රධාන වන තෙරුන් වහන්සේ, කුදු මහත් වරද පෙන්නා චෝදනා කරන්නා, සිහිකරන්නා. “උපජ්ඣා යො මෙ භාන්තෙ හොහි” (පි. 187)

උපජ්ඣායං පච්චක්ඛාමි

ක්‍රි. උපාධ්‍යායයන් ප්‍රත්‍යාඛ්‍යානය කරමි. ශික්ෂා ප්‍රත්‍යාඛ්‍යාන දෙවිසි ක්ෂෙත්‍රවලින් එකක්. (පි. 188)

උපජ්ඣායකිච්ච

න. උපාධ්‍යාය කෘත්‍යය, අධිකරණ නොවන කෘත්‍යය. (පි. 187)

උපජ්ඣායකිත්තන

න. (උප+ජ්ඣෙ+කිත්ත+යු = අන) උපාධ්‍යයන් කීම, “උපජ්ඣයො මෙ භන්තෙ ආයස්මා තිස්සත්ථෙරොනාම.” (පි. 187)

උපජ්ඣායගහණ

න. උපාධ්‍යායන්ගේ ගැණීම, “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යන වාක්‍යයෙන් උපාධ්‍යායයන් ගැණීම. (පි. 187)