සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 270

උපජ්ඣායචතුක්ක

න. උපාධ්‍යාය චතුෂ්කය, පරිවාර පාළියෙහි එන චතුෂ්ක භේදයෙන් එකක්. (පි. 187)

උපජ්ඣායති

ක්‍රි. (උප+ඣෙ √ භු. චින්තායං සිතීමෙහි +ති) සිතයි. පනවයි. කියයි. (පි. 187)

උපජ්ඣායමත්ත

පු. උපාධ්‍යායයන් සමානවූ භික්ෂූ, උපාධ්‍යාය මාත්‍ර. (පි. 187)

උපජ්ඣායමූලක

ති. උපාධ්‍යායයන් ප්‍රධාන කොට, උපාධ්‍යායයන් මූලික කොට පැවිද්දෙහි හා උපසම්පදාවෙහිත් උපාධ්‍යායයෝ මූලික වෙත්) “සචෙ අඤ්ඤ තිත්ථිය පුබ්බො නග්ගො ආගච්ඡති උපජ්ඣායමූලකං චීවරං පරියෙසි තබ්බං.” (පි. 187)

උපජ්ඣායලෙස

න. උපාධ්‍යායන්ගේ ස්වභාවය, ආකාරය, පිළිවෙළ. (පි. 187)

උපජ්ඣායවත්ත

න. උපාධ්‍යායවත්, සද්ධි විහාරිකයන්ට උපාධ්‍යායයන් විසින් කළ යුතු වත්, සද්ධිවිහාරිකයන් විසින් උපාධ්‍යායයන්ට කළ යුතු වත්, “සචෙ උජ්ඣායො ගිලානො හොති යාවජීවං උපට්ඨාතබ්බො” යනාදීන් දක්වන උපස්ථානාදිය. එබඳු වතාවත් 152ක් පමණ වෙති. (පි. 188)

උපජ්ඣායවෙවචන

න. උපජ්ඣාය පර්‍ය්‍යාය වචන, උපාධ්‍යාය ශබ්දයට සමාන අර්‍ථ ඇති වචන. (පි. 188)

උපජ්ඣායසමොධාන

න. (උප+ඣෙ+සං+අව+ධා+යු = අන) උපාධ්‍යායන්ගේ දර්‍ශනය, උපාධ්‍යායන්ගේ ශබ්ද ශ්‍රවණයෙන් එක්වීම, උපාධ්‍යායන්ගෙන් ගත් නිස උපජ්ඣාය සමොධානයෙන් බිඳේ. (පි. 188)

උපජාති

ඉ. එනම් ඡන්දස. (පි. 188)

උපජානාති

ක්‍රි. (උප+ඤා √ කි. අවබොධනෙ, අවබොධයෙහි ඤා = ජා+නා+ති) දනී, දැනගනී. (පි. 188)

උපජානාහි

ක්‍රි. (උප+ජන √ දි. ජනනෙ, දිනීමෙහි +හි) සැරසෙව, සැරසෙන්න, දැනගණුව, “ත්වඤ්ඤෙව ඝරාවාසත්ථෙන උපජානාහි.” (පි. 182)

උපජාප

පු. භේදය, කේලාම් කියා බිඳුවීම. (පි. 188)

උපජීවක

පු. අනුව ජීවත්වන්නා. (පි. 188)

උපජීවති

ක්‍රි. (උප+ජීව √ භු. පාණධාරෙණ, පණදැරීමෙහි +ති) අනුව ජීවත්වෙයි. (පි. 188)

උපජීවන

න. අනුව ජීවත්වන. (පි. 188)

උපජීවී

ති. අනුව ජීවත්වන්නා, මෙ‍හෙ කරන්නා. (පි. 188)

උපජූත

න. ක්‍රීඩාවන්හි ඔට්ටු තැබීම. (පි. 188)

උපඤ්ඤාත

ති. අනුමානයෙන් දත්, දන්නා ලද, “උපඤ්ඤාතං නිබ්බාණන්ති උප්පත්තියා අනුමානෙන ඤාතං නිබ්බාණං.” (පි. 182)

උපඤ්ඤාස

පු. කථාරම්භය, කථාව පටන් ගැන්ම. “උපඤ්ඤාසො වචීමුඛං,” (පි. 188)

උපඤ්ඤාසි

ක්‍රි. (උප+අඤ්ඤාසි) දැනගත්තේය, ප්‍රතිවේධ කෙළේය. (පි. 188)

උපට්ටිත

ති. වෙදනා කරන ලද, භයගන්වන ලද, මැඩපවත්වනලද. (පි. 188)

උපට්ඨපෙති

ක්‍රි. (උප+ඨා √ භු. ගති නිවුත්තියං, ගමන් නැවැත්මෙහි +ණෙ+ති) උපස්ථාන කරවයි. (පි. 188)

උපට්ඨපෙස්සති

ක්‍රි. (උප+ඨා √ හූ “ගතිනිවුත්තිම්හි, ගතිපැවැත්මෙහි +ණපෙ+ස්සති) පිහිටුවන්නේය, එළවන්නේය, “ආචරියො භික්ඛවෙ, සද්ධි විහාරිකම්පි පුත්තං චිත්තං උපට්ඨපෙස්සති.” (පි. 182)

උපට්ඨහං

අ. ප්‍රථමා එකවචන, උපස්ථාන කරමින්. (පි. 188)