සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 271

උපට්ඨහති

ක්‍රි. (උප+ඨා √ භු. ගතිනිවුත්තියං, ගමන් නැවැත්මෙහි +ති) උපස්ථාන කරයි, ළඟට එළඹෙයි. (පි. 188)

උපට්ඨහිතුං

ති. සඞ්ග්‍රහ කරන්නට, උපස්ථාන කරන්නට, එළඹ සිටින්නට. (පි. 182)

උපට්ඨහියමාන

ති. උවටන් කරණු ලබන. (පි. 188)

උපට්ඨාක

පු. උපස්ථායකයා, ගිලන් උවවටැන් කරන්නා. “ආනන්දො බුද්ධුපට්ඨාකො” (පි. 182)

උපට්ඨාකකුල

න. උපස්ථායක කුලය, දානාදී සිව්පසයෙන් උපස්ථාන කරන කුලය, “ආයස්මතො මොග්ගල්ලානස්ස උපට්ඨාක කුලං ආයස්මතො මොග්ගල්ලානස්ස සන්තිකං දාරකං පාහෙසි.” (පි. 182)

උපට්ඨාකදූහර

පු. උවැටන් කිරීමෙන් පෝෂණය කිරීමට නොහැකි පුද්ගලයා. (පි. 182)

උපට්ඨාති

ක්‍රි. (උප+ඨා √ දු. ගතිනිවුත්තිම්හි, ගතිපැවැත්මෙහි +ති) උපස්ථාන කරයි, උවටැන් කරයි. (පි. 182)

උපට්ඨාන

න. (උප+ඨා+යු = අන) උවවැන් කිරීම, සිව්පසය එළවීම. (පි. 182)

උපට්ඨානකාරක

පු. උවටැන් කරන්නා. උපස්ථාන කාරකයා. (පි. 182)

උපට්ඨානඝටික

න. අත් පා ආදිය සිඳීමට යෙදූ දඬුකඩ. (පි. 182)

උපට්ඨානවෙලා

ඉ. උවටැන් කරන වේලාව-කාලය. (පි. 182)

උපට්ඨානසමඞ්හිතා

ඉ. උප්පත්ති නිමිත්ත වැටහෙන අයුර, ඉ. සමඞ්හිතා පහෙන් එකක්. (පි. 182)

උපට්ඨානසම්භාර

පු. උපස්ථානයට උවමනා ද්‍රව්‍ය. (පි. 188)

උපට්ඨානසාලා

ඉ. බොජුන්හල, හැමදෙන රැස්වෙන ශාලාව, උවටැන් සාලාව, “අථඛො ආයස්මා ආනන්දො යෙන උපට්ඨාන සාලා තෙනුපසඞ්කමී.” (පි. 182)

උපට්ඨාපන

න. උපස්ථාන කිරීම. (පි. 188)

උපට්ඨාපෙති

ක්‍රි. (උප+ඨා+ණාපෙ+ති) උපස්ථාන කරවයි, උවටැන් කරවයි. (පි. 182)

උපට්ඨිත

ති. (උප+ඨා+ඉ+ත) එළඹ සිටී, එබඳු සිහිය, “උපට්ඨිතා සති අසම්මුට්ඨා.” (පි. 182)

උපට්ඨිතසති

ඉ. එළඹ සිටි සිහිය, වික්ෂෙප නොවූ සිහිය. (පි. 188)

උපට්ඨෙති

ක්‍රි. (උප+ඨා √ භු. ගතිනිවුත්තියං, ගමන් වැලැක්මෙහි +ණෙ+ති) පිහිටුවයි. (පි. 188)

උපඩය්හති

ක්‍රි. (උප+දහ √ භු. භස්මීකරණෙ, හළුකිරීමෙහි. දහ = ඩය්හ+ති) දවනු ලැ‍බේ. (පි. 188)

උපඩ්ඪ

පු. (උප+අඩ්ඪ) අර්‍ධය, දෙකෙන් කොටස. (පි. 188)

උපඩ්ඪපථ

පු. අර්‍ධමාර්‍ගය, අඩමග. (පි. 188)

උපඩ්ඪුපඩ්ඪ

පු. (උප+අඩ්ඪ+උප+අඩ්ඪ) අර්‍ධයෙන් අර්‍ධය, කොටසින් කොටස. සතරෙන් පංගුව. (පි. 188)

උපඩ්ඪුපොසථ

පු. (උප+අඩ්ඪ+උපොසථ) අඩපොහොය, පසළොස් පැයක් රක්නා උපෝසථය. (පි. 188)