සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 272

උපතප්පති

ක්‍රි. (උප+තප්ප √ භු. තප්පනෙ තැවීමෙහි +ති) තැවෙයි, සන්තාප කරයි. (පි. 188)

උපතප්පන

න. තැවීම, තැවිල්ල. (පි. 188)

උපත්ත

ති. ගානලද, තවරණලද. (පි. 189)

උපත්ථ

පු. තදබව, දැඩිබව. (පි. 189)

උපත්ථද්ධ

ති. දැඩි, තද. (පි. 189)

උපත්ථම්භ

පු. (උප+ථම්භ) රුකුළ, උදව්ව, වැටීමටයන ගස් ආදියට දෙන කණුව.
පු. උපකාරය, පිටුවහල. (පි. 189)

උපත්ථම්භක

පු. උපස්ථම්භක කර්‍මය, විපාක ඉපදවීමට අසමත් අන් කර්‍මයකින් උත්පත්තිය දුන් විට සැප දුක් දෙකට ආධාර වන කර්‍මය. (පි. 182)

උපත්ථම්භති

ක්‍රි. (උප+ථම්භ √ භු. පතිබන්ධෙ, තදවීමෙහි +ති) රුකුල්දෙයි, උදව්දෙයි. (පි. 189)

උපත්ථම්භිත

ති. රුකුල් දෙන ලද, උදව් දෙන ලද. (පි. 189)

උපත්ථම්හක

පු. රුකුල් දෙන්නා, උදව් දෙන්නා. (පි. 189)

උපත්ථම්හන

න. රුකුල්දීම, උදව්දීම. (පි. 189)

උපත්ථර

න. පලස, කම්බිලිය, (පි. 189)

උපත්ථෙය්‍ය

න. කොට්ටය, කුෂන් එක. (පි. 189)

උපතාප

පු. තාපය, තැවීම. (පි. 188)

උපතාපන

න. තැවීම, පසුතැවිල්ල. (පි. 188)

උපතාපික

ති. තැවීමට හේතුවූ, පසුතැවිලි වූ. (පි. 188)

උපතාපිත

ති. තවනලද, තැවීම කරන ලද, (පි. 188)

උපතාපෙති

ක්‍රි. (උප+තප √ චු. තාපෙ, තැවීමෙහි +ණෙ+ති) තැවෙයි, පසුතැවිලි වෙයි. (පි. 188)

උපතිට්ඨති

ක්‍රි. (උප+ඨ √ භු. ගතියං, යාමෙ හි. ඨා+තිට්ඨ+ති) එළඹ සිටියි. (පි. 188)

උපතිට්ඨිත්වා

පු.ක්‍රි. (උප+ඨා+ඉ+ත්වා) ළඟට පැමිණ, වෙත එළඹ. (පි. 182)

උපතිට්ඨෙය්‍ය

ක්‍රි. (උප+ඨා √ භු. ගතියං, යාමෙහි, ඨා = තිට්ඨ+එය්‍ය) එළඹ සිටිනේය. (පි. 189)

උපතිස්ස

පු. සාරිපුත්ත මහරහතන් වහන්සේ. (පි. 189)

උපදංසෙන්ති

ක්‍රි. (උප+දංස √ දංසනෙ+ණෙ+න්ති) කරත්, පවත්වත්. (පි. 182)

උපදහෙය්‍ය

(උප+දහ+එය්‍ය) සැක උපදවන්නේය, කුකුස් ඇතිකරන්නේය. (පි. 182)