සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 273
උපද්දව
පු. උපද්රවය, විපත, උවදුර.
පු. විපත්තිය, උවදුර. (පි. 189)
උපද්දවති
ක්රි. (උප+දු √ භු. දවනෙ, කෙළීමෙහි +ති) උපද්රව කරයි, පීඩා කරයි. (පි. 189)
උපද්දුත
ති. පීඩාවට පැමිණි, දුවදුරු සහිතවූ, “ආරඤ්ඤිකා භික්ඛු උපද්දුතා හොන්ති.” (පි. 182)
උපදා
ඉ. හුන් තැනට යවන පඬුර. (පි. 189)
උපදිසති
ක්රි. (උප+දිස √ භු. පෙක්ඛනෙ, බැලීමෙහි +ති) දක්වයි, බලයි. (පි. 189)
උපදුස්සති
ක්රි. (උප+දුස √ භු. අප්පීතියං, ප්රීතිනොවීමෙහි +ති), දූෂ්යකරයි. (පි. 189)
උපදෙව
පු. අනු දෙවියා, දෙවෙනි දෙවියා. (පි. 189)
උපදෙස
පු. උපදේශය, අවවාදය. අනුශාසනා කිරීම, පු. යහපත කීම, පු. අභිවෘද්ධි මාර්ගයට හිත දේ කීම
පු. උපදේශය, පරම්පරාගත උපදෙස්, අනුශාසනා කිරීම, යහපතකීම, අභිවෘද්ධි මාර්ගයට හිත දේ කීම. (පි. 182)
උපධා
ඉ. අන්ත්යාක්ෂරයට මුලින් පිහිටි අකුරට සංඥාවකි. (පි. 189)
උපධාන
න. හිස හෝ පා තබන කොට්ටය. “අගිලානස්ස සීසුපධානං ච පාදුපධානඤ්ච ද්වයමෙව වට්ටති.”
ති. බිම්බෝහනය, කොට්ටය. (පි. 182)
උපධාරණ
න. බැලීම, සෙවීම. (පි. 189)
උපධාරණා
ඉ. භාජනය, බඳුන. (පි. 189)
උපධාරයන්තො
ති. විචාරමින්, විමසමින්, අදහස් බලමින්. (පි. 182)
උපධාරිත
ති. බලන ලද, සොයන ලද. (පි. 189)
උපධාරෙති
ක්රි. (උප+ධර+ √ චු. ධාරණෙ, දැරීමෙහි +ණෙ+ති) බලයි, සොයයි.
ති. (උප+ධා √ චු. ධාරණෙ, දැරීමෙහි +ණෙ+ති) අදහස් බලයි, විමසයි, පරීක්ෂා කෙරෙයි. (පි. 189)
උපධාවති
ක්රි. (උප+ධාවු √ භු. ධාවනෙ, දිවීමෙහි +ති) දුවයි, අනුව ධාවනය කරයි. (පි. 189)
උපධාවන
න. අනුව දිවීම, පස්සෙන් දිවීම. (පි. 189)
උපධාවිත්වා
පු.ක්රි. (උප+ධා+ඉ+ත්වා) දිවගොස්, ළඟට දුව අවුත්, “තෙ උපධාවිත්වා නං යක්ඛං අග්ගහෙසුං.” (පි. 182)
උපධි
ඉ. ශරීරය, රථාවයව, සටබව, උපාරම්භය, කාමාධිචතුර්විධ උපධි. කෙලෙස්, රන්මිරිවැඩි, පඤ්චස්කන්ධය, “එතං මලං උපධිසු ඤත්වා” (පි. 189)
උපධික
ති. උපාධියෙන් යුත්, උපධි ඇති. (පි. 189)
උපධිවිවෙක
න. උපධි විවේකය, කාම, ඛන්ධ, කිලෙස අභිසංඛාර යන මෙයින් වෙන්වූ නිවන. (පි. 189)
උපධිසඞ්ඛය
න. මාර්ගඥානය, නිර්වාණය, නිවන. “අනුත්තරෙ උපධිසඞ්ඛයෙ” (පි. 189)
උපධිසම්පදා
ඉ. ශරීර සම්පත්තිය, උපධි සම්පත්තිය. (පි. 189)
උපධිසම්පන්න
ති. සරීර සොභාවෙන් සම්පූර්ණ, (පි. 189)