සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 274
උපධෙය්ය
න. කුෂන් එක, ඇඳ පුටු ආදිය පුළුන් හෝ කොහු දමා ලක්ෂණ රෙද්දකින් වසා මසා දමන එකට කුෂන් කිරීම කිරීමයි කියත්. (පි. 189)
උපනගර
න. සමීප නගරය, අනුනගරය. (පි. 189)
උපනච්ච
න. නැටීම, අනුව නැටීම. (පි. 189)
උපනච්චති
ක්රි. (උප+නච්ච √ භු. නච්චනෙ, නැටීමෙහි +ති) නටයි, අනුව නටයි. (පි. 189)
උපනත
ති. සමීපයට පැමිණි, එළඹ සිටි. නැමුණු. (පි. 189)
උපනදති
ක්රි. (උප+නද √ භු. අව්යත්තෙ සද්දෙ, නොවියත් ශබ්දයෙහි +ති) නාද කරයි, අනුව නාද කරයි. (පි. 189)
උපනන්ධ
ති. නිග්රහ කළ, ති. පරිභව කළ. (පි. 190)
උපනන්ධති
ක්රි. (උප+නන්ධ. √ තු. විනන්ධනෙ, වැළඳගැන්මෙහි +ති) පරිභව කරයි, නිග්රහ කරයි. (පි. 190)
උපනන්ධි
ක්රි. (උප+නහ+ඊ) වෛර කෙළේය, “යක්ඛො තස්මිං උපනන්ධි” (පි. 182)
උපනමති
ක්රි. (උප+නම √ භු. නමතෙ, නැමීමෙහි +ති) සමීපයට නැමෙයි. (පි. 189)
උපනමන
න. සමීපයට නැමීම, අවනත වීම. (පි. 190)
උපනයන
න. අධ්යයනය සඳහා ගුරුන් වෙතට බාලයන් පැමිණවීම, නැකතට අත පොත් තැබීම, උපනයන මඞ්ගලය. (පි. 190)
උපනය්හති
ක්රි. (උප+නහ √ දි. බන්ධනෙ, බැඳිමෙහි. ය+ති) බඳියි, “පුතිමච්ඡං කුසග්ගෙන යො නරො උපනය්හති.” (පි. 190)
උපනය්හන
න. බැඳීම, බන්ධනය. (පි. 190)
උපනය්හන්ති
ක්රි. (උප+නහ+න්ති) බද්ධ වෛර කරත්. (පි. 182)
උපන්ත
පු. ප්රත්යන්තය, පසල්දනව්ව, සමීපය. (පි. 189)
උපන්තසෙල
පු. ප්රත්යන්ත පර්වතය. (පි. 189)
උපන්ති
ති. ළඟ, සමීපය, ඉදිරිපිට. (පි. 191)
උපන්තික
ති. සමීපය, ඉතාසමීපය.
ති. සමීපස්ථ, ළඟ, ළඟපිහිටි. (පි. 191)
උපනාමිත
ක්රි. නතු කළ, එළවූ, නමනලද, (පි. 182)
උපනාමෙති
ක්රි. (උප+නම+ණෙ+ති) නමයි, නතු කරයි, එළවයි. (පි. 182)
උපනායක
පු. දෙවෙනි නායක, අනුනායක. (පි. 190)
උපනායිකා
පු. උප නායිකාව, දෙවැනි නායිකාව. (පි. 190)
උපනාහ
පු. බද්ධ වෛරය, (පි. 183)