සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 275

උපනාහී

පු. බද්ධ වෛර ඇත්තා, අනාපත්තියෙහි ආපත්ති ආරොපනය කරන්නා. (පි. 183)

උපනිකඛෙප

පු. (උප+නි+ඛිප+ණ+තැන්පත්කිරීම) පොළී සඳහා මුදල් තැන්පත් කර තැබීම. (පි. 183)

උපනික්කමති

ක්‍රි. (උප+නි+කමු √ භු. පදවික්ඛෙපෙ, යාමෙහි +ති) යයි. (පි. 190)

උපනික්කමන

න. නික්මීම, බැහැරයාම, පිටතයාම. (පි. 190)

උපනික්ඛ

පු. නික්ඛයකට අධික. (පි. 190)

උපනික්ඛමති

ක්‍රි. (උප+නි+කමු √ පදවික්ඛෙපෙ, යාමෙහි, ක = ක්ඛ+ති) ක්‍රි. බැහැර යෙයි. (පි. 190)

උපනික්ඛමන

න. නික්මයාම, බැහැරයාම. (පි. 190)

උපනික්ඛිත්ත

ති. ගෙනෙන ලද, එළවන ලද, “අමනුස්සෙන උපනික්ඛිත්තා සිලාති.” (පි. 183)

උපනික්ඛිපති

(උප+නි+ඛිප √ භු. ඛෙපනෙ, ඉවතදැමීමෙහි +ති) ළඟතබයි, බහා තබයි, “සො ආසනං පඤ්ඤපෙති පාදොදකං - උපනික්ඛිපති.” (පි. 190)

උපනිඛන්ධගොචර

පු. සතර සතිපට්ඨානයන්හි සිත පිහිටුවීම, භාවනා සිත බැඳ තැබිය යුතු විෂය, තුන් ආකාර ගෝචරයන්ගෙන් එකක්, “නත්ථ කතමො උපනිබන්ධ ගෝචරො චත්තාරො සතිපට්ඨානා යත්ථ චිත්තං උපනිබන්ධති.” (පි. 183)

උපනිඛන්ධති

ක්‍රි. (උප+නි+බධ, √ රු. බන්ධනෙ, බැඳිමෙහි +ති) භාවනා සිත බඳියි, කමටහන් සිත පිහිටුවා ලයි. (පි. 183)

උපනිඛන්ධිත්වා

පු.ක්‍රි. ලියා, අකුරු ලියා, “අනුජානාමි භික්ඛවෙ සලාකායවා පට්ටිකායවා උපනිඛන්ධිත්වා.” (පි. 183)

උපනිඝංසන

න. ගැටීම, හැපීම, ඝෂ්ටණය කිරීම. (පි. 190)

උපනිඝංසන්ති

ක්‍රි. (උප+නි+ඝංස, √ භු. ඝංසනෙ, ගැටිමෙහි +න්ති) ගටත්, හැපීගෙන යත්, “හත්ථිනියො කායං උපනිඝංසන්ති යො ගච්ඡන්ති.” (පි. 183)

උපනිජ්ජෙය්‍ය

ක්‍රි. (උප+නි+ප ද √ දි. ගතියං, යෑමෙහි +එය්‍ය) වැදහෝනේය, නිදන්නේය. (පි. 183)

උපනිජ්ඣාන

න. සිතීම, අරමුණු සිතීම, “ආරම්මණුපනිජ්ඣාන.” (පි. 183)

උපනිජ්ඣායති

ක්‍රි. (උප+නි+ජ්ඣෙ, √ දි. චින්තායං, සිතීමෙහි +ණෙ+ති) බලයි, විමසා බලයි. (පි. 183)

උපනිජ්ඣායිත

ති. බලනලද, නිරීක්ෂණය කළ. (පි. 190)

උපනිධා

ඉ. උපමාව, සමාන කිරීම, (පි. 190)

උපනිධාය

අ. කරුණුකොටගෙන, හේතු කොට ගෙන. (පි. 190)

උපනිධි

ඉ. උකස. සමීපයෙහි තැබීම, උපනිධිනාම උපනික්ඛිත්තං භණ්ඩං.”
ඉ. (උප+නි+ධා+ඉ) ආරක්ෂාව සදහා තැබූ වස්තුව, “උපනික්ඛිත්තං භණ්ඩං උපනිධි නාම.” (පි. 190)

උපනිධිකථා

ඉ. උපනිධි වස්තුන්ගේ විනිශ්චය කථාව.
ඉ. උපනිධිවස්තූන් පිළිබඳ කථාව. (පි. 183)

උපනිපජ්ජති

ක්‍රි. (උප+නි+පද √ දි. ද = ජ්ජ+ති) සමීපයෙහි හොවී. (පි. 190)

උපනිබජ්ඣති

ක්‍රි. උපනිබන්ධති බලනු. (පි. 190)