සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 276
උපනිබන්ධන
න. බැඳීම, “කම්මට්ඨාන සංඛාතො චිත්තස්ස උපනිබන්ධනට්ඨානතො.” (පි. 190)
උපනිබ්බත්ත
ති. උපන්, ති. හට ගන්නා ලද (පි. 190)
උපනිබ්බත්තති
ක්රි. (උප+නි+වතු √ භු. වත්තනෙ, පැවැත්මෙහි ව. = ච්ච = බ්බ+ති) උපදී. (පි. 190)
උපනිබ්බත්තන
න. උපදවන, හටගන්නා. (පි. 190)
උපනිවත්තති
ක්රි. (උප+නි+වත්ත √ භු. වත්තනෙ, පැවතීමෙහි +ති) පෙරලාඑයි, ආපසු එයි. (පි. 190)
උපනිස
ති. ප්රත්යය වීම, “එතදත්ථා උපනිසා.”
පු. හේතු, රහස්. (පි. 183)
උපනිස්සය
පු. උපනිශ්රය, හේතුව, බලවත් හේතුව, “උපනිස්සයොති බලව කාරණං, උපනිස්සයං ඔලොකෙත්වා.” (පි. 183)
උපනිස්සයගොචර
න. සීල ආදී ගුණයන්ට ගොදුරු වූ, සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන පස්වැදෑරුම් ධර්මයන්ගෙන් යුක්ත වීම. තුන් වැදෑරුම් ගෝචරයන්ගෙන් එකක්. (පි. 183)
උපනිස්සයති
ක්රි. (උප+නි+සි √ භු. සයෙ, සයනයෙහි +ති) ක්රි. ආශ්රයකෙරෙයි. (පි. 190)
උපනිස්සාය
පු.ක්රි. ඇසුරු කොට, නිසා “අඤ්ඤතරං ගාමං උපනිස්සාය විහරති.” (පි. 183)
උපනිස්සිත
ආශ්රය කළ, සේවනය කළ. (පි. 190)
උපනිස්සිතක
පු. ආශ්රය කළ තැනැත්තා, පිරිසට අයත්තා ගෝලයා. (පි. 190)
උපනිසින්නකථා
ඉ. ළඟ සිටින අය සමග කරන ධර්ම කථාව, ළඟ හිඳ කරන කථාව, (පි. 183)
උපනිසීදති
ක්රි. (උප+නි+සද √ භු. විසරණ ගත්යවසාදනෙ, විසිරීම හා ගමන් වැළකීමෙහි +ති) ළඟ හිඳියි. (පි. 190)
උපනිසෙවති
ක්රි. (උප+නි+සි √ භු. සෙවනෙ, සෙවනයෙහි +ති) සේවනය කරයි. (පි. 190)
උපනිසෙවන
ති. සේවනය, ආශ්රය. (පි. 190)
උපනිසෙවිත
ති. සේවනය කළ, ආශ්රය කළ. (පි. 190)
උපනිහ
ති. සමාන, තරමක්දුරට සමාන. (පි. 190)
උපනීත
ති. (උප+නී+ත) පිරිනැමූ, නතුකළ, වෙත පමුණුවන ලද. (පි. 183)
උපනීය
පු.ක්රි. (උප+නී+ත්වා) පමුණුවා, කැඳවා, උපනයන කර්මය කොට.
ති. එළවිය යුතු, පැමිණවිය යුතු. ගෙනායුතු. (පි. 183)
උපනීයති
ක්රි. (උප+නි √ භු. පාපණෙ, පැමිණවීමෙහි +ය+ති) පමුණුවනු ලබයි. ගෙනයනුලබයි, “උපනීයති ජීවිත මප්පමායු ජරූපනීතස්ස නසන්ති තාණා.” (පි. 190)
උපනීයමාන
ති. ගෙනයනු ලබන, පමුණුවනු ලබන. (පි. 191)
උපනීල
න. මදක් කළු නිල්පාට. (පි. 190)
උපනෙත්වා
පු.ක්රි. ගෙනගොස්. පමුණුවා, එළවා. (පි. 191)