සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 268

උපගූහන

න. සැඟවීම, වැසිම, වැළඳගැනීම. (පි. 186)

උපගූහිත

ති. සඟවන ලද, වැළඳ ගන්නා ලද. (පි. 186)

උපඝට්ටන

න. ගැටීම, ඝට්ටනය. (පි. 186)

උපඝට්ටිත

ති. ගසන ලද, නැසූ. (පි. 186)

උපඝාත

ති. (උප+හන = ඝාත+අ) නැසූ, නසනලද, නොහික්මුණු, උපද්‍රව, උවදුරු, බාධා. (පි. 181)

උපඝාතක

පු. නසන්නා, පීඩා කරන්නා. (පි. 186)

උපඝාතකකම්ම

න. කුසල් වූ හෝ අකුසල් වූ දුර්‍වල කර්‍මයෙහි විපාක නැතිකොට විපාක දෙන බලවත් කර්‍මය.” (පි. 186)

උපඝාතන

න. නැසීම, මැරීම. (පි. 186)

උපඝාති

පු. නසන, පීඩා කරන. (පි. 187)

උපඝාතික

පු. (උප+හන = ඝාත+ඉක) නැසීම, නොහික්මීම, භික්ඛුපඝාතික හා භොගූපඝාතික යන දෙක, “ද්වෙ උපඝාතිකා භික්ඛුපඝාතිකාච භොගූපඝාතිකාච.” (පි. 181)

උපඝාතෙති

ක්‍රි. (උප+හන = ඝාත. √ චු. නාසෙ, නැසීමෙහි +ණෙ+ති) නසයි. (පි. 187)

උපචක්ඛු

න. උපනෙත්‍රය, කන්නාඩිය, ඇසේ දමන කන්නාඩිය. (පි. 187)

උපචය

පු. වැඩීම, රැස්කිරීම, “උපවයො නාම වඩ්ඪි.” (පි. 181)

උපචයරාසි

ඉ. ජන්ම ලග්නයෙන් 3, 6, 10, 11 වෙනි ස්ථාන. (පි. 187)

උපචරති

ක්‍රි. (උප+චර. √ භු. සංචර‍ණෙ, හැසිරීමෙහි +ති) හැසිරෙයි අනුවයෙයි. (පි. 187)

උපචරිත

ති. හැසිරෙණ ලද, ති. එළඹෙන ලද, අභේදයෙන් ව්‍යවහාර කරන ලද.
ති. පැමිණි, එළඹෙන ලද. (පි. 187)

උපච්චකා

ඉ. පර්‍වත සමීප බිම. (පි. 187)

උපච්චගා

අ. (උප+අති+ගා) ඉක්ම ගියේය, “මාතං කාලො උපච්චගා” (පි. 187)

උපච්චති

ක්‍රි. (උප+චී √ භු. චයෙ, රැස් කිරීමෙහි +ති) බිඳෙයි, විනාශවෙයි. (පි. 187)

උපච්චය

පු. අතික්‍රමය, ඉක්මවීම. (පි. 187)

උපච්ඡිජ්ජති

ක්‍රි. (උප+ජිද √ දි. ඡෙදනෙ, සිඳීමෙහි +ය+ති) සිඳෙයි, නැතිවෙයි. (පි. 181)

උපච්ඡින්දති

ක්‍රි. (උප+ඡිදි. √ රු. ද්වෙධාකර‍ණෙ, දෙපළු කිරීමෙහි +ති) සිඳියි.
ක්‍රි. (උප+ඡිදි. √ රු. ඡෙදනෙ, සිඳීමෙහි +ති) සිඳෙයි, විනාශකරයි, “ජීවිතා වොරොපෙය්‍යාති ජීවිතින්ද්‍රියං “උපච්ඡින්දති.” (පි. 187)

උපච්ඡින්න

ති. සිඳුනු, විනාශවූ, සහමුලින්ම නැතිවූ.
ති. සිඳින ලද, කපන ලද. (පි. 181)

උපච්ඡෙද

පු. සිඳීම, කැපීම. (පි. 187)