සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 267
උපකුමහ
පු. කලය සමීපය, කුමභය ළඟ, (පි. 186)
උපකූජති
ක්රි. (උප+කූජ. √ භු. කූජනෙ, අවියත් ශබ්දයෙහි +ති) සමීපව ශබ්ද කරයි.
ක්රි. (උප+කූජ √ භු. කූජනෙ, අවියත් ශබ්දයෙහි +ති), ක්රි. සමීපව ශබ්ද කරයි (පි. 186)
උපකූජන
න. සමීපව ශබ්ද කිරීම. (පි. 186)
උපකූජිත
ති. ශබ්දකළ, නාද කළ. (පි. 186)
උපකූල
න. කූ ල සමීපය, ගංඉවුර, ගංගා සමීපය. (පි. 186)
උපකූලිත
ති. ගායනා කළ, තැම්බූ, බැදපු. (පි. 186)
උපඛාරි
ඉ. ඛාරියකට අධික. ඛාරි බලනු. (පි. 186)
උපග
ති. (උප+ගමු+අ) පැමිණීම, එළඹීම. (පි. 181)
උපගච්ඡන්ති
ක්රි. (උප+ගමු √ චු. ගතියං, යාමෙහි +න්ති, මු = ච්ඡ) පැමිණෙත්, එළඹෙත්. (පි. 181)
උපගඤ්ඡි
ක්රි. (උප+ගමු √ භු. ගතියං, යාමෙහි, මු = ඤ්ඡ+ඊ) එළඹියේය, වෙත ගියේය. (පි. 181)
උපගණහාති
ක්රි. (උප+ගහ √ භු. උපාදානෙ ගැනීමෙහි. හ = ණ්හා+ති), ගනී ළඟට ගනී. (පි. 186)
උපගණ්හන
න. ගැනීම, උද්ග්රහණය. (පි. 186)
උපගණ්හනා
ඉ. ගැනීම, තැබීම, භාවනා කිරීම. (පි. 186)
උපගත
ති. පැමිණි, එළඹී, “උපගත ජනා භත්තං භූඤ්ජිංසු.” (පි. 181)
උපගමන
න. ළඟට පැමිණීම, සමීපයට යාම. (පි. 186)
උපගමනක
පු. සමීපයට යන්නා. (පි. 186)
උපගයහන
න. හුන්තැනට යවන පඬුර. (පි. 186)
උපගලිත
ති. ගිලිහෙනලද, ගිලිහුනු. (පි. 186)
උපග්වාදි
පු. උපගු මනු, පු. භගු ආදිවූ ශබ්ද ගණය. (පි. 186)
උපගීති
ඉ. උපගීති නම් වෘත්තය, ආර්ය්යා වෘත්තයාගේ ද්වීතීය අර්ධයට නියමිත හැම ලක්ෂණයන්ගෙන් යුක්තවූ වෘත්තය. (පි. 186)
උපගු
න. ගවයන්ගේ සමීපය. (පි. 186)
උපගුහණ
න. (උප+ගුහ+ණ) ආලිඞ්ගනය, වැළඳගැන්ම. (පි. 181)
උපගුහිත්වා
පු.ක්රි. වැළඳගෙන, වැළඳ. (පි. 181)
උපගූහති
ක්රි. (උප+ගූහ. √ භු. සංවරණෙ වැසීමෙහි +ති) වසයි, සංවරණය කරයි. වැළඳ ගනියි. ළඟ හිඳියි. (පි. 186)