සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 266
උපක්කම
පු. උපක්‍රමය, ප්‍රයොගය, යමක් කිරීමට යොදන උපාය. (පි. 180)
උපක්කමති
ක්‍රි. (උප+කමු √ භු. පදවික්ඛෙපෙ, පයනගා යාමෙහි +ති) උපක්‍රම කෙරෙයි, උපායොදයි. (පි. 180)
උපක්කමන
න. උපක්රමණය, ප්‍රයොග යෙදීම. (පි. 180)
උපක්කිට්ඨ
පු. දෝෂාරොපනය කළ, ගැරහූ, සැරකළ, දොස්තැබූ. (පි. 180)
උපක්කිතක
පු. විකුට ගැනීම, ඇපකරගැනීම, විකුටගත්. (පි. 180)
උපක්කිලිට්ඨ
පු. කෙලෙසන ලද. (පි. 180)
උපක්කිලෙස
පු. පිටතින් පැමිණෙන කිළුටු, රාගාදී කෙළෙස්, “රාගාහිදි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං.” (පි. 180)
උපක්කොස
පු. නුගුණකීම, අයුනුකීම. (පි. 180)
උපක්කොසති
ක්‍රි. (උප+කුස √ භු. අක්කොසෙ, නපුරු කොට බිනීමෙහි +ති), නුගුණ කියයි, අගුණ කියයි. (පි. 180)
උපක්කොසන
න. නුගුණ කීම, අගුණ ප්‍රකාශය. (පි. 180)
උපක්ඛට
ති. සර්ජිත කළ, සාදනලද.
ති. රැස්කළ, පිළියෙල කළ, සැරසූ, එනම් ශික්ෂාපදය, “චීවර චෙතාපන්නා උපක්ඛටාහොන්ති.” (පි. 180)
උපක්ඛත
ති. සදනලද, හදනලද. (පි. 180)
උපක්ඛන්ධ
පු. කඳේ උඩුපැත්ත, පිටිපස, උරහිස. (පි. 180)
උපක්ඛර
පු. වෑපොරෝ ආදිය, රිය කොටස්, රථාඞ්ග. (පි. 181)
උපක්ඛලති
ක්‍රි. (උප+ඛල √ භු. සංචලනෙ, සැලීමෙහි +ති) පැකිලෙයි, හැපෙයි, වැටෙයි. (පි. 180)
උපක්ඛලන
න. පැකිලීම, වැටීම, හැපීම. (පි. 180)
උපක්ඛිත්ත(ක)
පු. ඉවත් කරන ලද, උස්සා දමනලද. (පි. 180)
උපකාර
පු. උපකාරය, උදව් කිරීම, “බහූපකාරා භික්ඛවෙ මාතාපිතරො පුත්තානං.” (පි. 186)
උපකාරක
පු. (උප+කර+ණ්වූ+අක) උපකාර කරන්නා, උදවුකරන්නා, සහාය දෙන්නා, (පි. 181)
උපකාරිකා
ඉ. පවුරුපදනම, සත්වැදෑරුම් නගරාරක්ෂාවන්ගෙන් එකක්. (පි. 181)
උපකාරී
පු. උපකාර කරන්නා, උපකාර ඇත්තා. (පි. 186)
උපකිරිතුං
ක්‍රි. වි. විසුරුවන්නට, තුනීකරන්නට. (පි. 181)
උපකිරියා
ඉ. අනුක්රියාව, උපකරණ, ආභරණ. (පි. 186)
උපකීණ්ණ
ති. ගැවසීගත්, විසුරුණු. (පි. 186)