සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 265
උන්නාද
පු. උසස් නාදය. (පි. 180)
උන්නාදි
ති. උසස් නාදකරන්නා. (පි. 180)
උන්නාදෙති
ක්රි. (උ+නද √ භු. අව්යත්තෙසද්දෙ, නොවියත් ශබ්දයෙහි +ති) උසස්ලෙස නාදකරයි. (පි. 180)
උන්නානාභි
පු. එනම් සතා. (පි. 180)
උන්නාම
පු. උසස් මාන්නය. (පි. 180)
උන්නාමෙති
ක්රි. (උ+නම √ භු. නමෙ, නැමීමෙහි +ති) නමයි, උඩට නමයි. (පි. 180)
උන්මත්ත
ති. උමතු, සිහිය විකලවූ, පිස්සු, (පි. 180)
උන්මත්තක
පු. උමතු තැනැත්තා. (පි. 180)
උප
√ චු. පජ්ජනෙ, පැමිණීමෙහි, උපෙති, උපයති, පැමිණෙයි.
අ. සමීප, පූජා, සදෘශ බව, දෝෂකථන, උත්පත්ති, භාගාර්ථ, අපගමන, අධිකත්ථ, පූර්ව කර්ම නිවෘත්ති, ප්රතිභානාකාර, උපරිභාව, අභොජන යනාදී අර්ථයන්හි වැටෙන අව්යයයෙකි. (පි. 180)
උපකච්ඡ
කිසිල්ල, කිහිල්ල. (පි. 181)
උපකච්ඡක
න. කිසිල්ල, කිහිල්ල, ඉඟටිය, උකුල. (පි. 181)
උපකට්ඨ
ති. ළඟ සමීප, කිට්ටු “උපකට්ඨාය වස්සුපනායිකාය.”
ති. ආසන්න වූ, ලංවූ, “උපකට්ඨාය වස්සූපනායිකාය.” (පි. 180)
උපකඩ්ඪති
ක්රි. (උප+කඩ්ඪ √ භු. කඩ්ඪණෙ, ඇදීමෙහි +ති) උඩට අදියි, උඩට කඩයි. (පි. 181)
උපකඩ්ඪන
න. උඩට කැඩීම, උඩට ඇදීම. (පි. 181)
උපකණ්ණක
ති. කණ ළඟ, කණ අසල, “උපකණ්ණකං ජප්පතීති -කණ්ණමූලෙ මන්තේති.” (පි. 181)
උපකප්පති
ක්රි. (උප+කප්ප. √ කප්පනෙ, කැපවීමෙහි +ති) කැපකරයි. කැපවෙයි. (පි. 186)
උපකප්පන
න. (උප+කප්ප+යු = අන) නිසි සුදුසු වූ, එළවන ලද, වළඳින. (පි. 181)
උපකප්පනක
ති. හිමි විය යුතු. ලාභ ලැබෙන ප්රයෝජනවත්. (පි. 186)
උපකප්පිත
ති. කැපකළ, සරසන ලද, අයිති කළ. (පි. 186)
උපකරණ
න. (උප+කර+යු = අන+ණ) උවමනා දේ, අවශ්යවූ බඩු.
න. අනුකරණය, කටයුතු සිද්ධියට ඕනෑකරණ දේ. (පි. 181)
උපකරොති
ක්රි. (උප+කර. √ ත. කරණෙ. කිරීමෙහි +ඔ+ති) කෙරෙයි, අනුව කෙරෙයි. (පි. 186)
උපක්ක
පු. ගින්නෙන් දැවුණු සිරුරු ඇති, එබඳු ගැහැණියක්, “අද්දසං ඉත්ථිං උපක්කං.” (පි. 180)
උපක්කට්ඨ
ති. ළඟ සමීප, කිට්ටු “උපකට්ඨාය වස්සුපනායිකාය.” (පි. 180)
උපක්කන්ත
පු. උපක්රමණය කිරීම, ආක්රමණය කිරීම. (පි. 180)