සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 264
උදුක්ඛලිකා
ඉ. දොර සවි කරන වංගෙඩිය. (පි. 176)
උදුචිත
ති. ඍජුකළ, කෙළින් කළ. (පි. 177)
උදුජිත
ති. කෙළින් තුබූ, ඍජුව තුබූ. (පි. 177)
උදුම්බර
පු. දිඹුල් ගස-ගෙඩි, උදුම්බර පුරය, “ආයස්මා රෙවතො කන්නකුජ්ජා උදුම්බරං අගමාසි.” (පි. 177)
උදෙති
ක්රි. (උ+ඉ √ භු. පාපුනනෙ, පැමිණවීමෙහි +ති) පහලවෙයි, නැගෙයි, හටගනියි, ‘සුරියං උදෙති.’ (පි. 177)
උදෙනි
ඉ. දඹදිව පිහිටි උදෙනි නම් නගරය. (පි. 177)
උන්ද
√ රු. පසවන කිලෙදනෙසු, වහනය වීමෙහි, තෙත්වීමෙහි උන්දති, වහනය වෙයි. (පි. 179)
උන්දූර
පු. මීයා, මූෂිකයා. (පි. 179)
උන්න
ති. තෙත්දෙය. (පි. 179)
උන්න(ණ්ණ)ත
ති. උස්දෙය, උච්චස්ථානය.
න. ආභරණ විශේෂයක්. (පි. 179)
උන්න(ණ්ණ)ති
ඉ. මානය, උඩඟුකම. (පි. 179)
උන්නක
පු. මානය ඇත්තා, උඩඟුකම ඇත්තා. (පි. 179)
උන්නඞ්ගල
පු. නගුල් අහක්කර හෝ වැඩ අත්හැර උත්සවයට සැරසීම. (පි. 180)
උන්නතානන
ති. (උන්නත+ආනන) උඩුකුරු මුහුණ ඇති. (පි. 180)
උන්නදති
ක්රි. (උ+නද √ භු. අව්යත්තෙ සද්දෙ, නොවියත් ශබ්දයෙහි +ති) උසස් නාද කෙරෙයි. (පි. 180)
උන්නදන
න. උසස්නාදය, මහානාදය. (පි. 180)
උන්නම
න. උස, උස්තැන. (පි. 180)
උන්නමති
ක්රි. (උ+නම √ භු. නමෙ, නැමීමෙහි +ති) උඩට නමයි, ගොඩකෙරෙයි. “නින්නං ඨානං උන්නමති.” (පි. 180)
උන්නමන
න. උසස්තැන පිහිටුවීම, උඩට නැමීම, “උන්නමන - ඔනමන පකතිකං සක්කස්ස ආසනං.” (පි. 180)
උන්නයන
න. වරනැගීම, උඩට පැමිණවීම, විතර්කය. (පි. 180)
උන්නල
න. උස්වූ හිස්මාන නලය. (පි. 180)
උන්නහන
න. උඩට නැසීම, උඩට වෙලීම. (පි. 180)
උන්නහනා
ඉ. වංචාකිරීම, මතුමත්තෙහි බැඳීම්, එබඳුකථා. (පි. 180)
උන්නළ
න. උස්වූ හිස්මාන නලය. (පි. 180)