සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 331
ඔණති
ක්රි. (ඔණ √ භු. අපනයනෙ, බැහැර කිරීමෙහි +ති) බැහැර කරයි. (පි. 222)
ඔණිත
ති. ගෙන එන ලද, ගෙනෙන ලද. (පි. 222)
ඔණිරක්ඛ
පු. ගෙනවුත් දුන් බඩු ආරක්ෂා කරන්නා, “ආහටං භණ්ඩං ගොපෙන්තස්ස ඔණීරක්ඛො නාම වුච්චති.” (පි. 222)
ඔණොජන
න. කල් තැබීම, පරෙස්සම් කර තැබීම. (පි. 222)
ඔණොජෙථ
ක්රි. (අව+නුද+ණෙ+ථ) දෙව්, “ඔණොජෙථාවුසො පත්තවීවරන්ති.” (පි. 222)
ඔතත
පු. මස්තකය වසාගන්නාලද. (පි. 222)
ඔතප්පති
ක්රි. (අව+තප්ප √ භු. තප්පනෙ, තැවීමෙහි +ති) රත්වෙයි, රත්කරයි. (පි. 222)
ඔතමසික
පු. (අව+තමස+ඉක) අඳුරෙහි සිටින්නා. (පි. 222)
ඔතරණ
න. දියටබැසීම. එතරවීම. (පි. 222)
ඔතරණහාර
පු. යම් අර්ථසංවර්ණනා විශේෂයකින් සූත්රාගත ධර්මයෝ ප්රත්යයාකාරාදි ධර්මයන්හි ප්රවේශ කරණු ලැබීම. (පි. 222)
ඔතරණී
ඉ. ඔරුව, පාරුව, බෝට්ටුව, නැව. (පි. 222)
ඔතරති
ක්රි. (අව+තර √ භු. තරණෙ, එතෙරවීමෙහි +ති) එතරකරයි. (පි. 222)
ඔතරාහි
ක්රි. (අව+තර √ භු. තරණෙ, තරණය කිරීමෙහි +ති) අවතරනය කරහි. (පි. 222)
ඔතල්ලක
පු. දුගියා, දීනයා, බැගෑපත් තැනැත්තා. (පි. 222)
ඔත්තපන
න. තැවීම, දාහය. (පි. 222)
ඔත්තප්ප
පු. පාපයට බියවීම පවට බියවීම. (පි. 222)
ඔත්තප්පඅනොත්තප
පු. පායපට බියවීම හා බිය නොවීම. (පි. 222)
ඔත්තප්පගාරවතා
ඉ. පාපයට බියවීමේ ගෞරව බව. (පි. 222)
ඔත්තප්පති
ක්රි. (අව+තප √ භු. තාපෙ තැවීමෙහි +ති) තැවෙයි. (පි. 222)
ඔත්තප්පධන
න. පාපයට බියවීම් ධනය. (පි. 222)
ඔත්තප්පී
පු. පායපට බිය ඇත්තා. (පි. 222)
ඔත්ථට
ති. යටත් කළ, පොඩිකළ, වස්නා ලද. (පි. 222)
ඔත්ථත
ති. ඔත්ථට බලනු. (පි. 222)
ඔත්ථරක
පු. කණු සතරක වස්ත්රයක් බැඳ දියෙහි බහා එයින් පැන් පෙරාගැනීම. (පි. 222)