සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 358

කණ්ණජප්පක

පු. කණට කොඳුරන්නා, රහස් කියන්නා. (පි. 238)

කණ්ණජප්පන

න. කණින් ශබ්ද නොඇසෙනසේ මන්ත්‍රපිරවීම, කණට කොඳුරා කීම. (පි. 238)

කණ්ණජලූකා

ඉ. කන්වෑයා=එනම් පණුවා. (පි. 238)

කණ්ණතෙල

න. කණෙහි තෙල් ගැල්වීම. (පි. 238)

කණ්ණධාර

පු. නැවියා, නාවිකයා. (පි. 238)

කණ්ණනාස

න. කණ හා නැහැය. (පි. 238)

කණ්ණපත්ත

න. කන් පෙත්ත. (පි. 238)

කණ්ණපිට්ඨි

න. කනේ උඩ කොටස. (පි. 238)

කණ්ණපූර

පු. කර්‍ණාභරණය, කණපළඳනාව. (පි. 238)

කණ්ණබිල

න. කන් සිදුර, කන් කුහරය. (පි. 238)

කණ්ණමල

න. කණෙහි ඇති කලාඳුරු, කන් මැලියම්. (පි. 238)

කණ්ණමලහරණී

ඉ. කණ සුද්ධකරණ කන් හැන්ද. (පි. 238)

කණ්ණමාලා

ඉ. නළල අලඞ්කාර කරන මල් මාලයක්. (පි. 238)

කණ්ණමුණ්ඩ

පු. එනම් විල. (පි. 238)

කණ්ණමූලං

න. කණෙහි මුල. (පි. 238)

කණ්ණරොග

න. කන් රෝගය. (පි. 238)

කණ්ණවල්ලී

ඉ. කන් පෙත්ත. (පි. 238)

කණ්ණවිජ්ඣන

න. කන් විදීම. (පි. 238)

කණ්ණවිභූසන

න. කර්‍ණාභරණය. (පි. 238)

කණ්ණවෙඨන

න. කුණ්ඩලාභරණ = කො‍ඬොල. (පි. 238)

කණ්ණවෙධ

න. කුඩා දරුවන්ගේ කන් විදීමේ මඞ්ගලය. (පි. 238)

කණ්ණසංඛලී

ඉ. කණෙහි යොදන පුංචි දම්වැලක් සහිත ආභරණ විශේෂයක්. (පි. 238)

කණ්ණසංධොවික

න. කන සේදීම. (පි. 238)

කණ්ණසක්ඛලී

ඉ. කණෙහි විවර මාර්ගය. (පි. 238)