සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 359

කණ්ණසුඛ

ති. කණට ප්‍රිය, කණට සැප දෙන. (පි. 238)

කණ්ණසුත්තක

න. කණෙහි යෙදෙන ආබරණ විශේෂයක්. (පි. 238)

කණ්ණසූල

න. කන් කැක්කුම, කණෙහි යමකින් විදිනා වැනි වේදනාවක්. (පි. 238)

කණ්ණසොත

න. කර්‍ණෙන්ද්‍රිය, කණෙහි ඇසීම ඇති කරවන පෙදෙස. (පි. 238)

කණ්ණායත

න. කන් පෙත්තෙහි දමන මුතු වර්ගයක්. (පි. 238)

කණ්ණාලඞ්කාර

න. කණෙහි පළඳින ආභරණයක්. (පි. 238)

කණ්ණිකා

ඉ. පියුම් කෙමිය, කැණිමඩල, කර්‍ණාභරණය. (පි. 238)

කණ්ණිකා බද්ධ

ති. කැණිමඩලෙහි බැඳුනු. (පි. 239)

කණ්ණිකා මණ්ඩල

න. වහලේ එක් කොටසක්, වහලේ මුදුන් කොටස. (පි. 239)

කණ්ණිකා රුක්ඛ

න. වහලේ මුදුනට සවි කරන දැව දණ්ඩක්. (පි. 239)

කණ්ණීකා ලක්ඛණ

න. කණේ පැලඳි ආභරණයන්ගේ ලකුණු බලා කියන අනාගත වාක්‍යයක් - ශාස්ත්‍රයක්, ගෙහි කැණිමඩල බලා කියන ශාස්ත්‍රයක්. (පි. 239)

කණ්නභෙරි

න. බෙර විශේෂයක්. (පි. 238)

කණ්නසුත්ත

න. කණෙන් පහත වැටෙන කම්බියක් වැනි ආභරණ විශේෂයක්. (පි. 238)

කණ්හ

පු. කළු පැහැය. විෂ්ණු. වසවර්ති මාරයා. පාපය. මිරිස්. (පි. 239)

කණ්හ අතිකණ්හ

න. ඉතා කළු, තද කළු. (පි. 239)

කණ්හකම්ම

න. අකුසල කර්මය. (පි. 239)

කණ්හතුණ්ඩ

පු. කළුතුඩ ඇත්තා. කළුතුඩු වඳුරා. (පි. 239)

කණ්හපක්ඛ

පු. කෘෂ්ණ පක්ෂය = කළුවර පක්ෂය. (පි. 239)

කණ්හපටිපදා

ඉ. පවිටු ප්‍රතිපදාව, අකුශල ප්‍රතිපදාව. (පි. 239)

කණ්හපාකඵල

පු. කරඬු. (පි. 239)

කණ්හපීතක

පු. කළු රන්වන් පැහැය. (පි. 239)

කණ්හඵලා

ඉ. බෝලිද්ද. (පි. 239)

කණ්හභෙදී

පු. ඉ. කුළුරෑණ. (පි. 239)

කණ්හලා

ඉ. හුණීද=ඔලිඳ. (පි. 239)