සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 360
කණ්හවණ්ටා
ඉ. පළොල්. (පි. 239)
කණ්හවත්තිනී
පු. ගින්න. (පි. 239)
කණා
ඉ. වගපුල්. (පි. 239)
කණාජක
න. නිවුඩුහාලේ බත, කුඩුහාලේ බත. “කණජකං දීයති බිලඞ්ග දුතියං.” (පි. 239)
කණික
න. තලකැලල, ශරීරාවයවයන්හි ඇතිවන තල ඇට වැනි ලප. (පි. 239)
කණිකාර
පු. කිණිහිරි ගස. (පි. 239)
කණෙරික
න. යුද්ධ තොප්පිය. (පි. 239)
කණෙරු
පු. ඇතා, ඇතින්න. ඉ. (පි. 239)
කණෙරුකා
ඉ. ඇතින්න. (පි. 239)
කත
ති. කළ, කරන ලද. (පි. 239)
කතක
පු. ඉඟිනිගස, බළල් ලුණු, සියුම් කෙමියක් සේ කළ බිස්ස.
ති. කරණයෙන් නිවෘත්ත දෙය. (පි. 239)
කතකම්ම
ති. පුරුදුකළ, දක්ෂ, නිපුණ.
න. පෙර ජාතීන්හි කළ කර්මය. (පි. 239)
කතකරණී
පු. කළ කටයුතු ඇත්තා. (පි. 239)
කතකිච්ච
පු. කළ කටයුතු ඇති, ඉවරකරණ ලද කටයුතු ඇත්තා. (පි. 239)
කතඤ්ඤූ
පු. කෘතඥ, කළ උපකාර දත්. (පි. 239)
කතදුක්කත
ති. නරකට කළ. (පි. 239)
කතන
න. නරක ක්රියා, නරක කිරීම්. (පි. 240)
කතන්ත
පු. යමයා, මරණය. (පි. 240)
කතපිට්ඨ
ති. පිටිවලින් කළ (ආහාර ආදිය). (පි. 240)
කතපුබ්බ
ති. පෙර කරන ලද. (පි. 240)
කතඵන
ති. උස් කළ පෙනය ඇති. (පි. 240)
කතබුද්ධි
ති. පුරුදුකළ සිතක් ඇති, දක්ෂ. (පි. 240)
කතභාව
න. සිදුවීම, කළබව. (පි. 240)
කතම
ති. කවර, මොන, කතර. (පි. 240)