සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 404

කෙසකීට

පු. කෙස් පණුවා, උකුණා. (පි. 260)

කෙසධාතු

ඉ. බුදුන්වහන්සේ ගේ කෙස්වලට කෙසධාතුව යයි කියති. (පි. 260)

කෙසපසාධනී

ඉ. කෙස්පීරණ පනාව. (පි. 260)

කෙසපාස

පු. කෙශකලාපය, කෙශ සමූහය. (පි. 260)

කෙසපුබ්බචය

පු. කෙශ කලාපය. (පි. 260)

කෙසමද්දන

න. කෙස්මැදීම, පනාව. (පි. 260)

කෙසමස්සු

න. කෙස් රැවුල්, “කෙසමස්සුං ඔහරාපෙත්වා පබ්බජ්ජාපෙසි” (පි. 260)

කෙසර

පු. දොඹ, මුහුණමල් මූණමල්=සිංහයාගේ බෙල්ලෙහිවූ ලෝමරැස, මල් කෙසුරු. (පි. 260)

කෙසරී

පු. සිංහයා, කෙසර ඇත්තා. (පි. 260)

කෙසව

පු. විෂ්ණු. (පි. 260)

කෙසහත්ථ

පු. කෙශකලාපය. (පි. 260)

කෙසික

ති. කෙස් සහිත. (පි. 260)

කෙළනා

ඉ. ක්‍රීඩාව. (පි. 260)

කෙළා

ඉ. ක්‍රීඩාව, සෙල්ලම. (පි. 260)

කෙළායති

ක්‍රි. √ භු. (කීළ-කීළායං සෙල්ලම් කිරීමෙහි +ය+ති) සෙල්ලම් කරයි. (පි. 260)

කෙළායන

න. ක්‍රීඩාකරන. (පි. 260)

කෙළායික

ති. බාලදරුවා. (පි. 260)

කෙළායිත

ති. ක්‍රීඩා කරන ලද. (පි. 260)

කෙළාස

පු. කෛලාස පර්‍වතය. (පි. 260)

කො

අ. පු. කවර. (පි. 261)

කොක

පු. කොක්නාවා, වෘකයා, වෘක්ෂජාතියක්. (පි. 261)

කොකනද

න. රත්පියුම්. (පි. 261)

කොකාසක

පු. රත්පියුම්, පිපෙන්ට කිට්ටුවූ මහ කැකුල. (පි. 261)

කොකාසික

පු. රත්පියුම් වැනි පාරිච්ඡත්තක මල්. (පි. 261)