සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 418
ඛුද්දක
ති. කුඩා, නොමහත්. (පි. 267)
ඛුද්දක නදී
ඉ. කුඩා නදිය. (පි. 267)
ඛුද්දකපාඨ
න. ඛුද්දක නිකායේ පළමුවන පොත. (පි. 267)
ඛුද්දඝණ්ඩිකා
ඉ. කුඩාමිණිගෙඩිය, රහුගෙඩිය. (පි. 267)
ඛුද්දජ
ති. කුඩා මැස්සන් විසින් කරන ලද්ද.
ති. කුඩා මැස්සන් විසින් කරන ලද්ද. (පි. 267)
ඛුද්දජන්තු
පු. කුඩාසත්තු, මැසි මදුරු ආදිහු.
පු. කුඩාසත්තු, මැසි මදුරු ආදිහු. (පි. 267)
ඛුද්දපාදප
පු. කුඩාගස්, පැලෑටි. (පි. 267)
ඛුද්දමධු
න. කුඩාමී, කණමී. (පි. 267)
ඛුද්දසඞ්ඛ
පු. සක්බෙල්ලා. (පි. 267)
ඛුද්දා
ඉ. දඬුවැල්බෑමැසි, කටුවැල්බටු. (පි. 268)
ඛුද්දානු ඛුද්දක
න. (ඛුද්ද+අනුඛුද්දක) ක්ෂුද්රානුක්ෂුද්ර, කුඩා ඉතාකුඩා. (පි. 268)
ඛුදා
ඉ. ක්ෂුධා, බඩගින්න, කනුකැමැත්ත. (පි. 268)
ඛුදිත
ති. ක්ෂූධා ඇත්තා, බඩසා ඇත්තා. (පි. 268)
ඛුප්පිපාසා
ඉ. සැපිපාසා, බඩසය හා පිපාසය. (පි. 268)
ඛුබ්භති
ක්රි. √ භු. ඛුභ-සංචලනෙ, සැලීමෙහි +ති) (ඛුභ+ති) චලනයවෙයි, ඇලලෙයි. (පි. 268)
ඛුභ
√ භු. ඇළළීමෙහි, ඛොභෙති, චලනය කරයි.
√ දි. ඇළළීමෙහි, ඛුබ්භති, ඇළලයි. (පි. 268)
ඛුර
පු. ගවමහිසාදීන් කුර, ඔවුන්ගේ නිය පොතු, දැළිපිහිය, කඩකැත්ත, “තුරගානං ඛුරනිපාතා”
√ භු. කැපීමෙහි, ඉරිඇඳීමෙහි, ඛුරති, කපයි, ඉරි ගසයි. (පි. 268)
ඛුරක
පු. මදටගස, මදටියගස. (පි. 268)
ඛුරග්ග
න. කරගෙය. (පි. 268)
ඛුරචක්ක
න. පිහියා මුවාත තබන ගල. (පි. 268)
ඛුරප්ප
පු. ඊය, ඊතලය. (පි. 268)
ඛුරභණ්ඩ
න. ක්ෂුරභාණ්ඩ, කඩකැත්ත හා ඊට උවමනා ගල් ආදි බඩු. (පි. 268)
ඛුරසිපාටික
න. කරකැති කොපුව, දැළිපිහියා කොපුව. (පි. 268)
ඛුරසිපාටිකා
ඉ. දැලිපිහියා මළ බැඳීමෙන් තොර කරන කුඩු වර්ගයක්. (පි. 268)