සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 436

ගූථ

පු. න. අසුචි, වර්‍වස්, ගූථය. (පි. 278)

ගූථක

න. මළපහ කිරීම. (පි. 278)

ගූථකටාහ

න. මළ පහකරන භාජනය. (පි. 278)

ගූථකූප

පු. අසුචි වළ, වැසිකිළි වළ. (පි. 278)

ගූථනරක

න. එසම් නරකය. (පි. 278)

ගූථහාණි

පු. අසුචි මෙන් පිළිකුල් වචන කියන්නා. (පි. 278)

ගූහති

ක්‍රි. ගුහු √ භු. සංවරණෙ, වැසීමෙහි +ති) (ගුහ+ති) වසයි, නිගුහණය කරයි. (පි. 278)

ගූහන

න. වැසීම, ගොපනය. (පි. 278)

ගූළ්හ

පු. සඟවන ලද. (පි. 278)

ගූළ්හපාද

පු. සූර්‍ය්‍යයා, ඉරු. (පි. 278)

ගූළ්හපුරිස

පු. චරපුරුෂයා, ඔත්තුකාරයා. (පි. 278)

ගෙ

√ භු. සද්දෙ, ශබ්දයෙහි, ගායති, ශබ්ද කරයි.
√ සු. සද්දෙ, ශබ්දයෙහි, ගිණෙති, ගිණති, ශබ්ද කෙරෙයි. (පි. 278)

ගෙඪි

පු. ගිජුවූ තැනැත්තා, ලොල්වූවහු. (පි. 278)

ගෙණ්ඩුක

පු. පන්දුව, සෙල්ලම් කරන බෝලයක්. (පි. 278)

ගෙධ

පු. ගිජු, ලොල්. (පි. 278)

ගෙධිත

ති. ගිජුවන ලද. (පි. 278)

ගෙය

න. ඝන, ගිජු. (පි. 278)

ගෙය්‍ය

න. නවාඞ්ග ශාස්තෘ ශාසනයෙන් දෙවන කොටස, ගෙය්ය ධර්මය. (පි. 278)

ගෙරික

පු. ගෛරික, ගුගුල්. (පි. 278)

ගෙරුක

ති. ගෛරික=සිවංගුරු. (පි. 278)

ගෙලඤ්ඤ

න. ගිලන් බව, රෝගය, ලෙඩය. (පි. 278)

ගෙවු

√ භු. සෙවනෙ, සේවනයෙහි, ගෙවති, සේවනය කරයි. (පි. 278)

ගෙහ

පු. ගෙය, නිවස, වාසස්ථානය. (පි. 278)

ගෙහඞ්ග

න. ගෘහාවයව. (පි. 278)