සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 437
ගෙහඞ්ගන
න. මිදුල, ගෙය ඉදිරිපිට ඇති අවකාශය. (පි. 278)
ගෙහනිස්සිත
ති. ගේ පිළිබඳ, ලෞකික ජීවිතය පිළිබඳ. (පි. 278)
ගෙහසිත
කි. ලෞකික ජීවිතය පිළිබඳ. (පි. 278)
ගො
ති. වචනාදිය.
පු. ඉ. ගෙරි, භූමිය, වචනාදිය.
න. චක්ෂුරෙන්ද්රියාදිය, ජලය, රශ්මිය, ස්වර්ගය, වජ්රායුධය, වචනය, පෘථිවිය, ඥානය, සූර්ය්යයා, ගායකයා, කඳකුමරු, ගාන්ධර්වයා, චන්ද්රයා, දුඃඛය, අධිපති, සරස්වතිය, පූර්වාදි දිසා යනාදියෙහි. (පි. 278)
ගොකණ්ටක
පු. ගොකටු, ගවකුරය. (පි. 278)
ගොකණ්ටකගත
ති. ගවකුරයෙන් නසන ලද. (පි. 278)
ගොකණ්ණ
පු. වෙදඟිල්ල හා මහපටඟිල්ල විදහා ගත් ප්රමාණය, ගෝනා. (පි. 278)
ගොකණ්ණි
ඉ. මොරගස. (පි. 278)
ගොකුල
න. ගාල. (පි. 278)
ගොඛුර
පු. ගොටුකොළ, ගවකුරය. (පි. 278)
ගොගණ
න. ගවසමූහයා, හරක් රංචුව. (පි. 278)
ගොඝංසික
න. හරක් හම. (පි. 278)
ගොඝාතක
පු. ගවයන් මරන්නා. (පි. 278)
ගොචර
පු. අරමුණ, විෂය, ගොදුර. (පි. 278)
ගොච්ඡක
පු. මල්කැන. (පි. 278)
ගොටවිය
පු. නැවෙහි පශ්චාත්බන්ධනය, ගල් වන්ගෙඩිය. (පි. 278)
ගොටවිස
පු. ගොටවිය. (පි. 278)
ගොට්ඨ
න. ගාල, ගවමඩුව. (පි. 278)
ගොඨඵල
න. බෙහෙත් පිණිස ගන්නා ගෙඩි වර්ගයක්. (පි. 278)
ගොණ
පු. ගොණා. (පි. 278)
ගොණකත්ථක
පු. සතරගුලාධික කලුලොම් මුවා ඇතිරිය. (පි. 278)
ගොණඞ්ගුල
පු. ගොනඟුල් කලුතුඩු ඇති වඳුරා. (පි. 279)
ගොණ්ක
පු. න. දික්ලොම් ඇති මහත් කොඳු පලස, ගොඳුපලස් අතුළ. (පි. 279)
ගොණ්ටා
පු. පුවක්ගස. (පි. 281)