සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 573

පච්චභිඤාන

න. අවබෝධ, දැනීම. (පි. 349)

පච්චය

පු. ශ්‍රද්ධාව, සිව්පසය, හේතුව, ආධාරය, කාරණය; ව්‍යාකරණයෙහි දක්වන ලද ප්‍රත්‍යවන අක්ෂරය. (පි. 349)

පච්චයතා

ඉ. ප්‍රත්‍යබව. (පි. 349)

පච්චයික

ති. ඇදහිය යුතු, විශ්වාස කටයුතු. (පි. 349)

පච්චරි

ඉ. පසුර, පහුර, අඟුල. (පි. 349)

පච්චරියට්ඨකථා

ඉ. පසුරෙහි සිට කළ අර්ථ කථාව. (පි. 349)

පච්චලද්ධංසු

ක්‍රි. (√ භු. ලභ, ලාභෙ, ලැබීමෙහි +පති+ලභ+උංසු) ලැබූහ. (පි. 349)

පච්චලද්ධුං

අ. ලැබීය. (පි. 349)

පච්චවිදුං

ක්‍රි. (√ භු. විද, ඤාණෙ, දැනීමෙහි +පති+විද+උං) දත්හ, දැනගත්තේය. (පි. 349)

පච්චවෙක්ඛති

ක්‍රි. (√ දි. වික්ඛ, හිංසායං, හිංසාවෙහි +පති+වික්ඛ+ති) ප්‍රතිවෙක්ෂා කෙරෙයි. (පි. 349)

පච්චවෙක්ඛන

න. ප්‍රත්‍යවෙක්ෂා කිරීම, මෙනෙහි කිරීම. (පි. 349)

පච්චවෙක්ඛනඤාන

න. ප්‍රතිවෙක්ෂාකරන ඤාණය. (පි. 349)

පච්චවෙක්ඛනතා

ඉ. ප්‍රතිවෙක්ෂාකිරීම් බව. (පි. 349)

පච්චවෙක්ඛො

ඉ. ප්‍රත්‍යවෙක්ෂාව. (පි. 349)

පච්චස්සොසි

ක්‍රි. (√ චු. සු. සවනෙ, ඇසීමෙහි +පති+ආ+සු+ඉ) පිලිවදන් ඇස්සුයේය. (පි. 349)

පච්චාකත

ති. අස්කළ, වෙනස්කළ. (පි. 349)

පච්චාක්ඛාන

න. ප්‍රතික්ෂෙපකිරීම, ඉවත්කිරීම. (පි. 348)

පච්චාකොටිත

ති. (පති+ආ+කොටිත) අපුල්ලා මදින ලද. (පි. 349)

පච්චාගච්ඡති

ක්‍රි. (√ භු. ගමු ගතියං, යෑමෙහි +පති+ආ+ගච්ඡ+ති), ක්‍රි. පසුව එයි. (පි. 349)

පච්චාගත

ති. පසුව ආ, කැටුව ආ. (පි. 349)

පච්චාගමන

න. ඉදිරියට යාම, අභිමුඛයට යාම. (පි. 349)

පච්චාඝාත

ති. නසන ලද, මරන ලද. (පි. 349)

පච්චාඝාතිත

ති. මරණ ලද, නසන ලද. (පි. 349)

පච්චාචික්ඛති

ක්‍රි. (√ භු. චික්ඛ, වාචායං, කීමෙහි +පති+ආ+චික්ඛ+ති) කියයි. (පි. 349)