සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 626
පරෙත
ති. පෙලුණු, පීඩිත, විඩාවට පැමිණි. (පි. 375)
පරෙති
ක්රි. (√ භු. ඉ. ගතිය, යෑමෙහි +ති), යෙයි (පි. 375)
පරො
අ. අන්යයා, අන්පුරුෂයා. (පි. 375)
පරොක්ඛ
පු. පරොක්ෂ ඉන්ද්රිය, හමුනොවූ, පදාර්ථය. (පි. 375)
පරොදති
ක්රි. (√ භු. රුද, අස්සුමොචනො, කඳුලු හෙලීමෙහි +ති පර+රුද ඔ+ති), හඬයි. (පි. 375)
පරොදන
න. හැඬීම, විලාප කීම. (පි. 375)
පරොපරිය
ති. මතු, උඩ. (පි. 375)
පරොවර
පු. පරාත්මභාවය හා සකාත්මභාවය. (පි. 375)
පරොසත
න. සියයකට අධික, සියයකින් වැඩි. (පි. 375)
පරොසහස්ස
ති. දහසකින් වැඩි, දහසකට අධික. (පි. 375)
පල
න. පැලීම, කලන්දොලසක ප්රමාණය.
√ භු. ගමනෙ, යාමෙහි, පලති, යෙයි.
√ චු. ගතියං යාමෙහි, පලෙති, පලයති, යෙයි. (පි. 375)
පලක
න. පෝරුව, ලෑල්ල. (පි. 375)
පලගණ්ඩ
පු. වඩුවා, සුධාජීවීහු. (පි. 375)
පලගණ්ඩක
පු. වඩුවා. (පි. 375)
පලඞ්කසා
ඉ. ගොටුකොළ. (පි. 376)
පලණ්ඩු
පු. කතලුව. (පි. 375)
පලද්ධ
ලබන ලද, විශේෂයෙන් ලබන ලද. (පි. 375)
පලපති
ක්රි. (√ චු. ලප, වියත්තියං වාචායං, වියත් වචනයෙහි +ති (ප+ලජ+ති)), කථා කරයි, කියයි. (පි. 375)
පලපන
න. කථාකිරීම, සුවදුක් කථාව. (පි. 376)
පලම්බති
ක්රි. (√ භු. ලම්බ, ගතිය. යෑමෙහි +ති (ප+ලම්බ+ති)), එල්බෙයි, එල්ලෙයි. (පි. 376)
පලම්බිත
ක්රි. එල්ලෙන ලද, එල්ලුනු. (පි. 376)
පලම්භති
ක්රි. √ චු. ලභි මඤ්චනෙ +ති එල්ලෙයි. (පි. 376)
පලය
පු. ප්රලය, කල්ප විනාසය, මරණය, අදර්ශණය, මායන්වීම. (පි. 376)
පලල්ල
න. කුඩා විල, දිය පිහිටි තැන.
න. විලය, “ජිණ්ණ කොඤ්වාව ඣායන්ති ඛීණමච්ඡෙව පල්ලලෙ.” (පි. 375)