සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 628

පලිඛණන

න. ලිවීම, කැබලි කැබලි කිරීම. (පි. 376)

පලිඛති

ක්‍රි. (√ ලිඛ, ලෙඛනෙ, ලිවීමෙහි +ති) (ප+ලිඛති), ලියයි, කැබලි කරයි. (පි. 376)

පලිඛාදන

න. ලිවීම. (පි. 376)

පලිගිජ්ඣති

ක්‍රි. (√ භු. ගිධු, අභිතබ්බායං, කැමැත්තෙහි +ති), ගිජු වෙයි. (පි. 376)

පලිගුණ්ඨන

න. වෙලීම, එතීම. (පි. 376)

පලිගුණ්ඨිත

ති. වෙලන ලද, ඔතන ලද. (පි. 376)

පලිගෙධ

ති. ගැනීම, එරීම, ගිලුණු, එරුණු. (පි. 376)

පලිගෙධී

පු. ආත්මාර්ථකාමියා. (පි. 376)

පලිඝ

පු. ඛණයම. (පි. 376)

පලිත

ති. පැසුණු. (පි. 376)

පලිත්ත

ති. ගල්වන ලද, කවන ලද. (පි. 376)

පලිප

පු. ගැලුනු, එරුණු. (පි. 376)

පලිපපලියන්ත

පු. මඩේ එරුණු. (පි. 376)

පලිප්පති

ක්‍රි. (√ භු. ලිප, ලෙපනෙ, තැවරීමෙහි +ති), ගල්වයි, තවරයි. (පි. 376)

පලිබාධති

ක්‍රි. (√ භු. බාධ, නිවාරණෙ, වැලක්වීමෙහි +ති), වලක්වයි. (පි. 376)

පලිබුජ්ඣණ

න. අවබෝධය. (පි. 376)

පලිබුජ්ඣති

ක්‍රි. (√ භු. බුධ, අවබොධෙ, අවබොධයෙහි +ති), ප්‍රබෝධ කරයි (පි. 376)

පලිබුද්ධති

ක්‍රි. (√ භු. බුධ, අවබොධෙ, අවබොධයෙහි +ති), අවබෝධකරයි. (පි. 376)

පලිබොධ

පු. හිරිහැරය, කරදරය. (පි. 376)

පලිභඤ්ජ

බිඳීම, කැඩීම. (පි. 376)

පලිභඤ්ජන

න. බිඳීම, කැඩීම. (පි. 376)

පලිම

පු. ඉරි ඇඳීම, රෙඛා ඇඳීම. (පි. 376)

පලියණ්ණ

ති. එරුණු, ගැලුනු. (පි. 376)

පලිවෙඨන

න. වෙලීම, එතීම. (පි. 376)