සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 654

පීත

න. පීතවර්ණය. (පි. 388)

පීතක

ති. පීත වර්ණය. (පි. 388)

පීතද්දුම

න. වැනුවැල්. (පි. 388)

පීතදාරු

න. දෙවදාර, දෙවකාපඨ. (පි. 388)

පීතනක

න. හිරියල්. (පි. 388)

පීතම්බර

පු. විෂ්ණු, නිල් අහස, නිල් රෙදි. (පි. 388)

පීතසාර

පු. රන්වන් සඳුන්, රත්සඳුන්. (පි. 388)

පීතසාල

පු. පියාගස. (පි. 388)

පීති

ඉ. ප්‍රීතිය, සතුට.
පු. විපුලභාවය, සමෘද්ධිය. (පි. 388)

පීතික

පු. ප්‍රීති ඇත්තා. (පි. 388)

පීතී

ඉ. ප්‍රීති ඇත්තා. (පි. 388)

පීයූස

පු. සුධාභොජනය=අමෘතභොජන= දිවබොජුන. (පි. 388)

පීල

√ චු. දැමීමෙහි, පීලෙති, පීලයති, දමයි.
√ භු. බන්ධනෙ, බැඳිමෙහි, පීලති, බඳියි. (පි. 388)

පීලහි

√ භු. ගතියං, යාමෙහි, පීලහති, යෙයි. (පි. 388)

පීලු

√ භු. ගමනෙ, යාමෙහි.
පු. පලුගස (පි. 389)

පීලුපණ්හි

ඉ. මොරගස, කෙම්වැල්. (පි. 388)

පීව

√ භු. මහත්තෙ, මහත්බැව්හි, පීවති, මහත්බවට පමුණුවයි. (පි. 388)

පීවර

ති. සම්පූර්ණ දෙය. (පි. 389)

පීසාචිල්ලක

පු. පිසාච පැටවු, පිසාචදරු. (පි. 387)

පීසි

√ භු. ගමනෙ, යාමෙහි, පිසති, යෙයි.
√ චු. කථනෙ, කීමෙහි, පිසෙති, පිසයති, කියයි. (පි. 387)

පීළක

පු. පීඩා කරන්නා. (පි. 389)

පීළන

න. පෙළීම, පීඩා.ව (පි. 389)

පීළා

ඉ. පීඩාව. (පි. 389)

පීළිත

ති. පීඩිත, පෙළුණු. (පි. 389)