සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 655

පීළෙති

ක්‍රි. (√ පීල, විවාධායං, බාධාවෙහි +ති) පෙළයි, ක්‍රීඩා කරයි. (පි. 389)

පු

√ ක්‍රි. පවනෙ, පිරිසිදු කිරීමෙහි, පුනාති, පිරිසිදු කරයි.
√ භු. පවනෙ, පිරිසිදු කිරීමෙහි, පවතී, පිරිසිදු කරයි. (පි. 389)

පුං

අ. නිරය, අපාය. (පි. 389)

පුංඛ

න. ඊතලයෙහි පිහාටු යොදා ඇති කොටස. (පි. 389)

පුංස

පු. පුරුෂයා. (පි. 389)

පුක්කුස කුල

න. පුක්සඩු කුලය, පරමල් ආදිය අදින කුලය, නුවර කුණු කසල ඇද දමන කුලය, මල්වර ස්ත්‍රීන්ගේ වස්ත්‍ර පිරිසිදු කරන කුලය. (පි. 389)

පුක්කුස්ස

පු. බමුරා. (පි. 389)

පුක්ඛල

ති. උතුම් දෙය. (පි. 389)

පුග්ගල

පු. සත්වයා, ආත්මය. (පි. 389)

පුග්ගලික

ති. එක තැනැත්තෙකුට අයිති දෙය. (පි. 389)

පුඞ්ගව

ති. ශ්‍රේෂ්ඨයා, උත්තමයා.
පු. වෘෂභයා, උතුම් ගවයා. (පි. 389)

පුච්ඡ

පු. විචාරන්නා, පිළිවිසින්නා.
√ භු. පඤ්හෙ, ප්‍රශ්නයෙහි, පුච්ඡති, ප්‍රශ්නකරයි.
න. වාලධිය, වලිගය, විචාරවයනාර්ථ ඇති ක්‍රියාවක්. (පි. 389)

පුච්ඡඤ්වනකතා

ඉ. තණ්හාව. (පි. 389)

පුච්ඡතී

ක්‍රි. (√ භු. පුච්ඡ, පුච්ඡනෙ, විචාරීමෙහි +ති), විචාරයි, ප්‍රශ්න කරයි, අසයි. (පි. 389)

පුච්ඡා

ඉ. ප්‍රශ්නය, විචාරීම. (පි. 389)

පුච්ඡිත

ති. විචාළ, විචාරණ ලද. (පි. 389)

පුච්ඡින

න. විචාරීම, ඇසීම. (පි. 389)

පුජ්ජ

ති. පූජ්‍ය, පිදිය යුතු. (පි. 389)

පුඤ්ජ

පු. සමූහය, මිටිය, පොදිය, කලාපය.
√ භු. පාකෙ, පිසීමෙහි, පූඤ්ජති, පිසයි. (පි. 389)

පුඤ්ජති

ක්‍රි. (√ භු. පුඤ්ජ, රාසීකරණ, රැස් කිරීමෙහි +ති), රැස් කරයි. (පි. 389)

පුඤ්ජන

න. රැස්කිරීම. (පි. 389)

පුඤ්ඤ

ති. යහපත්, පවිත්‍ර, පිරිසිදු.
න. පුණ්‍යය, පින, කුසලය. (පි. 389)

පුඤ්ඤජනිස්සර

පු. වෙසමුනිරජ. (පි. 389)

පුඤ්ඤභිසන්ද

පු. පින ගලා ඒම, කුසල විපාකය ගලාඒම. (පි. 389)