සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 656
පුඤ්ඤවන්තු
පු. පුණ්‍යවන්තයා, පිං ඇත්තා. (පි. 389)
පුඤ්ඤාභිසංඛාර
පු. පුණ්‍යාභිසංස්කාර, කුසල චේතනා. (පි. 389)
පුඤ්වීකතා
ඉ. නඟුට වැනීම. (පි. 389)
පුට
√ භු. ඇලීමෙහි, පුටති, ඇලෙයි.
√ චු. පොටෙති, බිඳියි. (පි. 389)
පුටංස
පු. පාථෙය්යය, මඟ වියදම. (පි. 389)
පුටක
න. පොදිය, මිටිය. (පි. 389)
පුටභෙදන
න. බඩු පොදි ලිහා තබාගෙන විකුණන තැන, නගරය. (පි. 389)
පුටහ
න. පොදිය, බඩුමිටිය, ගුලිය. (පි. 389)
පුට්ට
√ චු. චන්දෙ, ස්වල්ප බැව්හි, පුට්ටෙති, පුට්ටයති, ස්වල්ප වෙයි. (පි. 389)
පුට්ඨ
ති. විචාරන ලද, පොෂ්ය කළ. (පි. 389)
පුණ
√ භු. දක්ෂකමෙහි, පුණති, දක්ෂ වෙයි.
√ චු. රැස්කිරීමෙහි, පුණෙති, පුණයති, රැස් කරයි. (පි. 390)
පුණ්ඩරීක
පු. එනම් දිගැතා, ඇටඹ, ව්‍යාඝ්‍රයා, සුදු අඹගසක්, රත්පියුම, පදුම නම් සංඛ්‍යාව, සියක් ලක්ෂය, එනම් නිරය, උඩුපියපත් ඇත්තේ, පුණ්ඩරීකය, පෙති ගණන් රහිතවූ හෝ රතු වූයේ පුණ්ඩරීකයි. (පි. 389)
පුණ්ඩරීකක්ඛ
පු. විෂ්ණු. (පි. 389)
පුණ්ඩරීකිනි
ඉ. පියුම්විල. (පි. 389)
පුණ්ණ
ති. පූර්ණ, සම්පූර්ණ දෙය, පුණු. (පි. 390)
පුණ්ණකුම්භ
පු. පුණුකලස, පූර්ණකුම්භය. (පි. 390)
පුණ්ණත්ත
ති. පිරුණුබව, සම්පූර්ණ බ. (පි. 390)
පුණ්ණමා
ඉ. මැදිපෝය, පුර පසළොස්වක, පිරුණු සඳ ඇති දිනය. (පි. 390)
පුණ්ණමාසී
ඉ. මැදිපෝය, පුරපසළොස්වක. (පි. 390)
පුත්ත
පු. පුත්‍රයා, එකශෙෂව බහුවචන වූකළ පුත්‍ර දුහිතෘ දෙපක්ෂයටම නම් වේ, දරුවා. (පි. 390)
පුත්තක
පු. පුත්‍රයා, පුතා. (පි. 390)
පුත්තත්ත
න. පුත්‍ර බව. (පි. 390)
පුත්තදාරා
ඉ. දරුවන් හා අඹු, අඹුදරු. (පි. 390)
පුත්තධීතු
ඉ. පුත් දූන්. (පි. 390)