සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 657

පුත්තා

පු. පුත්දූන්, පුත්තාව, ධීතාව. (පි. 390)

පුත්තික

පු. පුත්‍රයන් ඇත්තා. (පි. 390)

පුත්තිම

පු. පුත්‍රයන් ඇත්තා. (පි. 390)

පුත්තිමන්තු

පු. පුත්‍රයන් ඇත්තා. (පි. 390)

පුත්තිය

පුත්‍රයන් ඇත්තා. (පි. 390)

පුථ

√ චු. කථනෙ, කීමෙහි, පොථෙති, පොථයති, කියයි.
√ තු- පැසවීමෙහි, කුණුවීමෙහි.
√ චු. පීඩයං, පෙළීමෙහි, පොථෙති, පොථයති, පීඩා කරයි.
√ චු. ආදරානාදරෙසු, ආදර අනාදර දෙක්හි, පුථෙති, පුථයති, ආදර අනාදර කරයි.
√ භු. පුථුලෙ, පුළුල් බැව්හි. (පි. 390)

පුථගත්ථතා

ඉ. වෙන් වූ බව, විවේකය. (පි. 390)

පුථවි

ඉ. පෘථුවිය, පොළොව. (පි. 390)

පුථි

√ භු. පීඩාවෙහි හා කිලුටෙහි, පුත්ථිති, කිලුටුවෙයි. (පි. 390)

පුථු

අ. වර්ජනාර්ථයෙහි, වෙන් වීමෙහි.
මහති, විසාල.
√ භු. පුථුලෙ, පළල් කිරීමෙහි, පුථති, පොථති, පළල් කෙරෙයි. (පි. 390)

පුථුක

පු. බාලයා, ළදරුවා. (පි. 390)

පුථුකග්ග

පු. මුලින්ම කපාගන්නා අස්වැන්න. (පි. 390)

පුථුකාණිකා

න. හස්තපරිකර්මය, අතින් පිට ඉලීම. (පි. 390)

පුථුජ්ජන

පු. නීචයා, මෝඩයා, කෙළෙස් සහිතයා, පෘථජ්ජනයා. (පි. 390)

පුථුජ්ජනත්ත

පුථජ්ජන භාවය. (පි. 390)

පුථුජ්ජනික

පු. පෘථජ්ජනයාට අයත්. (පි. 390)

පුථුත්ත

න. මහත් බව. (පි. 390)

පුථුපඤ්ඤ

මහත් ප්‍රඥා ඇත්තා. (පි. 390)

පුථුපණ්ණි

ඉ. පුස්වැන්න, පොල්පලා. (පි. 390)

පුථුභුත

ති. මහත් බවට පැමිණි. (පි. 390)

පුථුල

මහත් දේ. (පි. 390)

පුථුලොම

පු. මත්ස්‍යයා. (පි. 390)

පුථුවි

ඉ. පොළොව, භූමිය. (පි. 390)

පුථුසො

අ. මහත්සේ. (පි. 390)