සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 658
පුන
අ. විශේෂයෙහි, නැවත යනාර්ථයෙහි.
√ භු. ගතියං, යෑමෙහි, පුනති, යෙයි. (පි. 390)
පුනන්නවා
ඉ. සුලු බුරුද. (පි. 390)
පුනප්පුන
අ. නැවත නැවත, පුන පුනා. (පි. 390)
පුනබ්බසු
පු. පුනාවසේ නැකැත. (පි. 390)
පුනබ්භව
පු. පුනර්භවය, නැවත හටගැන්ම, නියපොතු. (පි. 390)
පුන්නපත්ත
පු. සතුටුපඬුර. (පි. 390)
පුන්නාග
පු. දොඹගස. (පි. 390)
පුනාති
ක්රි. (පුන+ණා+නි) පවිත්ර කෙරෙයි. (පි. 390)
පුප්ඵ
න. පුෂ්පය, මල, පුප්, ඔසප්වීම, මල්වර වීම.
√ භු. පුප්ඵනෙ, පිපීමෙහි, පුප්ඵති, පිපෙයි. (පි. 390)
පුප්ඵක
න. ලේ. (පි. 390)
පුප්ඵජඩ්ඩක
පු. බඹුරා, පුස්සඩුවා, නගර සෝදකයා, කොටහළුවා. (පි. 390)
පුප්ඵති
ක්රි. (√ භු. පුප්ඵ, විකසනෙ, පිපීමෙහි +ති), (පුප්ඵ+ති) පිපෙයි. (පි. 391)
පුප්ඵදත්වා
පු. අනංගයා, කාමදෙවයා, මල්සැර. (පි. 390)
පුප්ඵදන්ත
පු. එනම් දිගැතා. (පි. 390)
පුප්ඵන
න. පිපෙන, මිණිදැදිරිය. (පි. 391)
පුප්ඵභාණි
පු. පුෂ්ප මෙන් සුවඳ විහිදෙන කථා කියන්නා. (පි. 391)
පුප්ඵවති
ඉ. ඔසප්වූ තැනැත්තා. (පි. 391)
පුප්ඵාපන
න. පුබුදුකරවීම, පුෂ්ප ප්රබෝධය, මල් පිප්පීම. (පි. 391)
පුප්ඵිත
ති. පුෂ්පිත, පිපුණු, ප්රබුද්ධ වන ලද. (පි. 391)
පුබ්බ
පු. පූයා, සැරව, අභිමුඛ, ඉදිරිපිට.
√ චු. වාසෙ, වාසය කිරීමෙහි, පුබ්බෙති, පුබ්බයති, වාසය කරයි.
ති. පූර්ව, පළමු දේ, පූර්වාදී දිසා.
√ භු. පුරණෙ, පිරීමෙහි, පුබ්බති, පුරයි. (පි. 391)
පුබ්බක
පූර්වයෙහි වූ. (පි. 391)
පුබ්බකත්තික
පු. ඉල්මස. (පි. 391)
පුබ්බකාරි
ති. පළමු උපකාරකළ තැනැත්තාට පසුව උපකාර කරන්නා. (පි. 391)
පුබ්බඞ්ගම
පු. යප්ඨියෙහි යන යෝධයා, පු. ඉදිරියට යන්නා (පි. 391)