සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 659
පුබ්බජ
පු. පළමුව උපන්නා, වැඩිමාලු සහෝදරයා, අසුරයා. (පි. 391)
පුබ්බණකප්පික
පු. පූර්ව කෙළවර, කල්පනා කරන්නා, අතීත අන්තය අනුව, මම වූයෙමි දැයි කල්පනා කරන්නා. (පි. 391)
පුබ්බණ්ණ
න. හැල් ආදි ධාන්‍ය විශේෂ. (පි. 391)
පුබ්බණ්හ
පු. උදය කාලය, උදේ වරුව. (පි. 391)
පුබ්බණ්හසමය
පු. පූර්වාහ්ණය, උදේ කාලය. (පි. 391)
පුබ්බදෙව
පු. පූර්ව දෙවියා, අසුරයා, මව්පියෝ. (පි. 391)
පුබ්බභද්දපදා
පුව පර ථූපය. (පි. 391)
පුබ්බලොහිත
න. පූයා සහිත ලේ, සැරව හා රුධිරය. (පි. 391)
පුබ්බවාසනා
ති. පෙර ජාතියෙහි කළ කර්ම බලය, පූර්ව දෛවය. (පි. 391)
පුබ්බවිදෙහ
පු. පූර්ව විදෙහය, නැගෙනහිර ලෝකය. (පි. 391)
පුබ්බාචරිය
පු. පූර්වාචාර්ය්යයා, ප්‍රථම ගුරුවරයා, මව්පියෝ. (පි. 391)
පුබ්බෙකතහෙතු
පු. පෙර කළ කර්ම හේතුව. (පි. 391)
පුබ්බෙනිවාසඤාණ
න. පෙරවිසූ ස්කන්ධ පටිපාටිය දැනගන්න නුවණ, අසවල් ජාතියෙහි මෙසේ උපන්නෙමි, එහිදී මෙසේ සැප දුකක් ආයුසයක් වින්දෙමි, මෙපමණ කාලයක් ජීවත්වීමි යනාදී පිළිවෙළ දැන ගන්නා ඥානය. (පි. 391)
පුම
√ භු. ගිනි පිඹීමෙහි
පු. පුරුෂයා, පිරිමියා, පිරිමි සතා. (පි. 391)
පුමත්යාදි
පු. පුන්නපුංසකත්වාදිය. (පි. 391)
පුම්භව
පු. පුරුෂභාවය, පිරිමි බව. (පි. 391)
පුර
පු. ගෘහය, ගුගුල්.
න. ඉ. නුවර, නගරය.
√ භු. පුරණේ, පිරවීමෙහි, පූරති, පිරෙයි.
√ භු. රක්ඛණෙ, රැකීමෙහි, පූරති, රකී.
√ භු. ප්‍රධාන ගමනයෙහි, පුරති, ප්‍රධානව, පෙරටුව යෙයි. (පි. 391)
පුරක්ඛත
ති. අභිමුඛ කළ, පුදන ලද, අභිසේක කළ. (පි. 391)
පුරත්ථා
අ. පූර්වදිග, පුරාශබ්දාර්ථ, අභිමුඛාර්ථ, ප්රථමාර්ථ. (පි. 391)
පුරතො
අ. අභිමුඛාර්ථයෙහි ඉදිරියෙන්. (පි. 391)
පුරතොගම
පු. පෙරටුව යන්නා, ඉදිරිපත් වන්නා. (පි. 392)
පුරන්දර
පු. ශක්‍රයා, සක්දෙවි රජ. (පි. 391)
පුරස්සර
පු. පෙරටුව යන්නා, ඉදිරියෙහි යන යෝධයා. (පි. 391)
පුරා
අ. ප්‍රබන්ධ, චිරාතීත, ආසන්න, අනාගත කාල. (පි. 391)