සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 714

මහග්ගත

ති. මහත් බවට පැමිණි, මහත් ස්වභාවයට පැමිණි. (පි. 420)

මහග්ඝ

පු. මාහැඟි, මහඟු, බොහෝ වටිනා. (පි. 420)

මහග්ඝස

පු. බොහොම කන්නා, අධිකව අනුභව කරන්නා. (පි. 420)

මහච්ච

අ. මහත්, විසාල, “මහච්ච රාජානුභාවෙන.” (පි. 420)

මහත්ත

න. මහත් බව. (පි. 420)

මහති

ඉ. මහත් (පි. 420)

මහද්ධන

න. බොහෝ ධනය, මහත් ධනය. (පි. 420)

මහන්ත

පු. මහත් දෙය, මහත්. (පි. 420)

මහනීය

පු. පිදියයුතු, පූජහී. (පි. 420)

මහල්ලක

පු. මහලු, වෘද්ධ, වැඩිසිටි. (පි. 420)

මහා

අ. මහත්. (පි. 420)

මහාඅරිය

පු. මහාර්‍ය්‍යයා, මහ බෝසතාණෝ. (පි. 420)

මහාකථාන

න. එනම් සඞ්ඛ්‍යා විශේෂය, කථාන සියක් ලක්ෂය, කථාන බලනු. (පි. 420)

මහාකන්ද

පු. හෙළ ලුහුණු, සුදුලූණු. (පි. 420)

මහාකාරුණික

පු. මහාකරුණා ඇත්තා, බුදුරජ. (පි. 420)

මහාකුල

න. ආඪ්‍යකුලය. (පි. 420)

මහාගෙධ

පු. මහාබන්ධනය, මහත් ඝනය. (පි. 420)

මහාතණ්හ

පු. මහත් තෘෂ්ණා ඇත්තා, තෘෂ්ණාධිකයා. (පි. 420)

මහාතිමි

පු. එනම් මත්ස්‍යයා. (පි. 420)

මහාධිති

ඉ. මහා ප්‍ර‍ඥා ඇත්තා, වීර්‍ය්‍ය සම්පන්නයා. (පි. 420)

මහානදි

ඉ. මහාගංගාව. (පි. 420)

මහානසන

න. මුලුතැන්ගෙය, පිසන ගෙය. (පි. 420)

මහානාග

පු. මහ නයා, මහොත්තමයා, මහා හස්තියා. (පි. 420)

මහානාම

පු. උක්ගස, එනම් ඇත්තා. (පි. 420)