සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 715

මහානිරය

පු. අවීචිය, අටමහනිරය. (පි. 420)

මහානිසා

ඉ. මහාරාත්‍රිය, මධ්‍යම රාත්‍රිය, රෑ දෙගොඩහරි වේලාව, අර්‍ධ රාත්‍රිය. (පි. 420)

මහානුභාව

පු. මහත් ආනුභාවය, මහා තෙජස. (පි. 420)

මහාපදෙස

පු. සූත්‍ර‍, සූත්‍රානුලොම, ආචාර්‍ය්‍ය වාද අත්තනොමති යන මහා කරුණු සතර. (පි. 420)

මහාබල

පු. මහත් බල ඇත්තා, බුදුරජාණන් වහන්සේ. (පි. 420)

මහාබොධි

ඉ. බුද්ධගයාවෙහි පිහිටි ජය ශ්‍රී මහා බොධිය, අනුරාධපුරයෙහි පිහිටි ශ්‍රීමහා බොධිය. (පි. 420)

මහාබොධිධම්ම

පු. මහාබොධි ධර්‍ම ඇත්තා, බුදුරජ. (පි. 420)

මහාමති

ඉ. මහත් ප්‍ර‍ඥා ඇත්තා, බුදුරජ. (පි. 420)

මහාමායා

ඉ. බුද්ධමාතාව, මහාමායාදේවිය. (පි. 420)

මහාමුනි

පු. මහා මුනීන්ද්‍ර‍යන් වහන්සේ, බුදුරජ. (පි. 420)

මහාරජක්ඛ

න. ප්‍ර‍ඥා චක්ෂුසෙහි රාගාදී මහත් රජස් ඇත්තා, මුහුකළ ප්‍ර‍ඥා නැත්තා. (පි. 420)

මහාරඤ්ඤ

න. මහවනය. (පි. 420)

මහාරාජික

පු. මහරජුන්ට අයත්, සිව්මහ රජුන්ට අයිති. (පි. 420)

මහාරොරුව

පු. එනම් නිරය. (පි. 420)

මහාවිරෙක

පු. අතීසාරය. (පි. 420)

මහාවීචි

ඉ. මහාතරඞ්ගය, සමුද්‍රාදියෙහි මහත් රැල. (පි. 421)

මහාසභා

ඉ. කොමාරිකා, මහා සමිතිය. (පි. 421)

මහාසමණ

පු. මහා ශ්‍ර‍මණයා, බුදුරජ. (පි. 421)

මහාසය

පු. තෘෂ්ණා අධිකයා, මහත් සයනය. (පි. 421)

මහාසයන

න. නොකැප මහඟු ඇතිරිලි අතුරණ ලද සයනය. (පි. 421)

මහාසාලා

ඉ. මහාවෘක්ෂ, මහත්ශාලා. (පි. 421)

මහාසාවජ්ජ

න. මහවරද, මිථ්‍යා දෘෂ්ටිය. (පි. 421)

මහාසිරා

ඉ. මහ නහර. (පි. 421)

මහාසුඛ

පු. සර්‍වඥයන් වහන්සේ. (පි. 421)