සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 841

වෙදබන්ධු

පු. වෙදය සහාය කොට ඇත්තා, බ්‍රාහ්මණයා. (පි. 483)

වෙදයිත

න. වේදනාව, විඳිනා ලද්ද. (පි. 483)

වෙදල්ල

න. නවාඞ්ග ශාස්තෘ ශාසනයෙන් එකක්. (පි. 483)

වෙදි

ඉ. වේදිකාව, යාගපිළිවෙල. (පි. 483)

වෙදිකා

ඉ. වේදිකාව, පිළ. (පි. 483)

වෙදිතබ්බ

ති. දැනගතයුත්ත, දතයුත්ත. (පි. 483)

වෙදියමාන

න. විඳිනු ලබන. (පි. 483)

වෙදී

පු. විඳින්නා, විඳින තැනැත්තා. (පි. 483)

වෙදෙහ

පු. එනම් රට. (පි. 483)

වෙදෙහි

පු. වෙළෙන්දා. (පි. 483)

වෙදෙහික

පු. වෙළෙන්දා. (පි. 483)

වෙධ

පු. විඳීම, බ්‍ර‍හ්මයා. (පි. 483)

වෙධන

න. කම්පාව, වෙලීම. (පි. 483)

වෙධවෙර

පු. වැන්දඹුවගේ පුතා. (පි. 483)

වෙධිත

ති. විඳින ලද, විදපු. (පි. 483)

වෙධී

පු. වෙධනය කරන්නා, විදින්නා. (පි. 483)

වෙනතෙය්‍ය

පු. ගුරුළා, විනතාවගේ පුත්‍ර‍යා. (පි. 483)

වෙනයික

පු. හික්මවන්නා, ශික්ෂණය කරවන්නා. (පි. 483)

වෙපක්ක

ති. පැසුණු, මේරූ. (පි. 483)

වෙපචිත්ති

පු. එනම් අසුරයා. (පි. 483)

වෙපුල්ල

පු. විපුල බව, රජගහ නුවර පිහිටි එනම් පර්‍වතය. (පි. 483)

වෙභඞ්ග

ති. බිඳිය යුතු, කැඩියයුතු. (පි. 483)

වෙභඞ්ගික

ති. බිඳියයුතු, කැඩිය යුතු දේට අයත්. (පි. 483)

වෙභව්‍ය

සිතා බැලීම, විවේචනය. (පි. 483)