සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 850

සංයාචිකා

ඉ. ඉල්ලීම, යාචනය කිරීම. (පි. 489)

සංයාචිත

ති. තමන් විසින් ඉල්වා ගන්නා ලද. (පි. 489)

සංයුග

පු. යුද්ධය. (පි. 489)

සංයුත

පු. යෙදුනු. (පි. 489)

සංයුත්ත

ති. යෙදුනු, බැඳුනු (පි. 489)

සංයූහති

ක්‍රි. (√ භු. ඌහ, සංචයෙ, රැස්කිරීමෙහි +ති) බෝලයක් මෙන් ගුලියක් කරයි. (පි. 489)

සංයූළ්හ

පු. ගෙතීම, පිඩුකිරීම. (පි. 489)

සංයොග

පු. යෙදීම. (පි. 489)

සංයොජන

න. එකට බැඳීම, ඇඳීම. (පි. 489)

සංයොජනිය

පු. එකට බැඳිය යුතු, ඇඳිය යුතු. (පි. 489)

සංයොජිත

ති. එකට බඳිනලද, ඈඳනලද. (පි. 489)

සංරම්භ

ති. වේගවත් ලෙස, සැර සහිත. (පි. 489)

සංරාග

පු. රාගය, කැමැත්ත, ආශාව. (පි. 489)

සංරාව

පු. හඬ, නාදය. (පි. 489)

සංරූළ්හ

ති. සුවකළ, සුවපත් කළ. (පි. 489)

සංලිත්ත

ති. දල්වන ලද. (පි. 489)

සංවච්ඡර

පු. න. හවුරුද්ද, අවුරුද්ද. (පි. 489)

සංවට්ට

පු. කප නැස්ම, කල්පවිනාශය. (පි. 489)

සංවට්ට විවට්ට

පු. ලෝක විනාශය, හා ලෝකය ඇතිවීමේ කාලය. (පි. 489)

සංවඩ්ඪන

න. වැඩීම. (පි. 489)

සංවණ්ණන

න. වර්‍ණනාව, අර්ථකථාව. (පි. 489)

සංවණිත

ති. වර්‍ණනා කරන ලද. (පි. 489)

සංවත්තති

ක්‍රි. (√ භු. වතු, වත්තනෙ, පැවතීමෙහි +ති) පවතියි. (පි. 489)

සංවත්තන

න. පැවැත්ම. (පි. 489)