සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 851

සංවත්තනික

ති. පවත්නා, විද්‍යමානවන. (පි. 489)

සංවදත

න. නැකත් බලා සමගි කරවීම, යහපත් වචනය, යහපත් මුහුණ. (පි. 489)

සංවද්ධන

න. සංවර්‍ධනය, වැඩීම. (පි. 489)

සංවර

පු. සංවරණය, ආවරණය. (පි. 489)

සංවර පාතිමොක්ඛ

පු. සංවර ප්‍රාතිමොක්ෂය. (පි. 489)

සංවර විනය

පු. සංවර විනය. (පි. 489)

සංවර සීල

න. සංවර සීලය. (පි. 489)

සංවරණ

න. ආවරණය. (පි. 489)

සංවරී

ඉ. රාත්‍රිය. (පි. 489)

සංවරීමුඛ

න. රාත්‍රි මුඛය. (පි. 489)

සංවසථ

පු. ගම, ග්‍රාමය. (පි. 489)

සංව්‍යුළ්හ

ති. (ජලයෙන්) ගසාගෙන ගිය. (පි. 490)

සංවාස

පු. සමගි වාසය, වාසයකිරීම. (පි. 489)

සංවාසක

පු. සමග වාසය කරන්නා. (පි. 489)

සංවාසත්ථෙනක

පු. සමගි වාසය සොරකම් කරන්නා, එවැනි පාපී පුද්ගලයා. (පි. 489)

සංවාසීය

පු. සමග වසන්නා. (පි. 489)

සංවිග්ග

පු. කළකිරුණු, උකටලී වූ. (පි. 489)

සංවිජ්ජති

ක්‍රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ති) විද්‍යමාන වෙයි. (පි. 489)

සංවිජ්ජමාන

න. විද්‍යමානවන, දක්නට ඇති. (පි. 489)

සංවිද

ති. ප්‍ර‍තිඥාව. (පි. 489)

සංවිදති

ක්‍රි. (√ භු. විද, ඤාණෙ, දැනුමෙහි +ති) දනියි. (පි. 489)

සංවිදහති

ක්‍රි. (√ භු. විද, ඤාණෙ, ඤාණයෙහි +ති) පිළියෙල කරයි, නියොග කරයි. (පි. 489)

සංවිදහන

න. නියොගය, විධානය. (පි. 489)

සංවිදිත

ති. දන්නා ලද. (පි. 489)