සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 852

සංවිධාන

න. සංවිධාන කිරීම, පිළියෙලකිරීම. (පි. 489)

සංවිධායක

පු. සංවිධාන කරන්නා, පිළියෙල කරන්නා. (පි. 489)

සංවිධාවහාර

පු. සංවිධාන වී කරන සොරකම. (පි. 489)

සංවිභජති

ක්‍රි. (√ භු. භජ, භාගෙ, බෙදීමෙහි +ති) බෙදයි, කොටස් කරයි. (පි. 489)

සංවිභජන

න. බෙදීම, කොටස් කිරීම. (පි. 489)

සංවිභත්ත

ති. බෙදන ලද, බෙදූ. (පි. 489)

සංවිභාග

පු. බෙදීම. (පි. 489)

සංවිභාගී

පු. බෙදන්නා. (පි. 490)

සංවිරූළ්හ

ති. හොඳට වැඩී ගිය, යසට වැඩුණු. (පි. 490)

සංවිහිත

ති. පිළියෙළ කළ, සම්පාදනය කළ, සැපයූ. (පි. 490)

සංවුත

ති. සංවරණය කළ, වටකළ දෙය. (පි. 490)

සංවුතින්ද්‍රිය

න. සංසිඳුනු ඉන්ද්‍රිය ඇත්තා. (පි. 490)

සංවෙග

පු. හිරීයනය = ලජ්ජාවීම, කළකිරීම, සංවේගය. (පි. 490)

සංවෙජන

න. කැළඹීම, සසල වීම. (පි. 490)

සංවෙජනීය

පු. සංවේග කටයුතු. (පි. 490)

සංවෙජිත

ති. කළඹනලද, සසල වන ලද. (පි. 490)

සංවෙජෙති

ක්‍රි. (√ දි. විද, සත්තායං, වීමෙහි +ණෙ+ති) සංවේග කරයි. (පි. 490)

සංවෙධිත

ති. තැතිගන්වනලද. (පි. 490)

සංවෙල්ලි

ඉ. තුවාලයක් වටේ ඔතන රෙදි කැබැල්ල. (පි. 490)

සංවෙල්ලිත

ති. ඔතනලද (රෙදි කැබැල්ල) (පි. 490)

සංවෙල්ලිය

පු. තුවාල ඔතන රෙදි කැබැල්ල (පි. 490)

සංවෙසන

න. හොවීම, සැතැප්පවීම. (පි. 490)

සංවොහාර

පු. ගනුදෙනුව, වෙළඳාම. (පි. 490)

සංස

√ භු. පසංසනෙ, පැසසීමෙහි, සංසති, පසංසති, ප්‍ර‍සංශාකරයි.
√ භු. ගුණෙ, ගුණ කීමෙහි, සංසති, ගුණකියයි.
√ දි. සුස්සනෙ, වියලීමෙහි, සුස්සති, වියලෙයි, සුස්සමානො.
√ භු. පසංසනෙ, ස්තුතියෙහි, සංසති, පසංසති, ස්තුති කෙරෙයි. (පි. 515)