සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 853

සංසග්ග

පු. සඞ්ගමය, සංසර්‍ගය. (පි. 490)

සංසට්ඨ

ති. සම්ප්‍ර‍යුක්ත, හනන ලද. (පි. 490)

සංසත්ත

ති. හනනලද, අනන ලද, මිශ්‍ර‍ කළ. (පි. 490)

සංසති

ක්‍රි. (√ භු. සංස, කථනෙ, කීමෙහි +ති) ප්‍ර‍කාශ කරයි. (පි. 490)

සංසද

පු. රැස්වීම, සභාවාරය. (පි. 490)

සංසද්ධගහණික

පු. පිරිසිදු කුලයෙහි උපන්නා. (පි. 490)

සංසන්දති

ක්‍රි. (√ භු. සන්ද, පසවනෙ, පැවතීමෙහි +ති) එක්ව දුවයි, ආශ්‍ර‍ය කරයි. (පි. 490)

සංසන්දන

ගැළපීම, සැසඳීම. (පි. 490)

සංසප්ප

න. එතීම, පැන පැන යෑම, බඩගා යෑම. (පි. 490)

සංසප්පනියපරියාය

න. භය ප්‍ර‍දර්‍ශනය කිරීම. (පි. 490)

සංසප්පි

පු. බඩගා යන්නා, එති එතී යන්නා. (පි. 490)

සංසම

පු. ප්‍ර‍තිඥාව. (පි. 490)

සංසය

පු. සැකය. (පි. 490)

සංසයත්ථ

පු. සංසයාර්ථය. (පි. 490)

සංසයිත

න. සැකය, කුකුස. (පි. 490)

සංසරණ

න. සැරිසැරීම, සංචාරණය. (පි. 490)

සංසරති

ක්‍රි. (√ භු. සර, ගතියං, යෑමෙහි +ති) සැරිසරයි. (පි. 490)

සංසරිත

ති. (සසර) සැරිසරණලද, ඇවිද්ද. (පි. 490)

සංසාදන

න. එකට එක ගැළපීම. (පි. 490)

සංසාම

න. නැමීම, සෙනාසනාදිය තැන්පත් කර තැබීම. (පි. 490)

සංසාමන

න. නමා තැබීම, තැන්පත් කර තැබීම. (පි. 490)

සංසාමෙති

ක්‍රි. (√ භු. සාම, සන්ත්වනෙ, ප්‍රිය කිරීමෙහි +ති ණෙ+ති) නමා තබයි. (පි. 490)

සංසාර

පු. සසර, සැරිසැරීම. (පි. 490)

සංසාරචක්ක

න. සංසාර චක්‍ර‍ය, ඉපද ඉපද මැරීම. (පි. 490)