සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 866

සතපොරිස

න. පුරුෂ ප්‍ර‍මාණ සතක්, සත් බඹයක්. (පි. 497)

සතභිසජ

පු. සියාවස නැකත. (පි. 497)

සතමූලී

ඉ. සාතාවාරිය. (පි. 497)

සතරංසි

පු. සියක්රැස් ඇත්තා, ඉරු. (පි. 497)

සතලක්ඛගුණ

න. සියක් ලක්ෂගුණය, සියක් ලක්ෂයෙන් වැඩි කිරීම. (පි. 497)

සතවඞ්ක

පු. මත්ස්‍ය විශේෂයක්. (පි. 497)

සතවිරියා

ඉ. සුදු හී තණ. (පි. 497)

සතසහස්ස

න. සියක් දහස. (පි. 497)

සත්ත

පු. සත්වයා, සතා - 7
√ චු. ගමනෙ, යාමෙහි, සත්තෙති, සත්තයති, යෙයි.
ති. ඇලුණු.
න. ද්‍ර‍ව්‍යය, අත්බව, ජීවිතය, ශක්තිය, විද්‍යමානත්වය. (පි. 496)

සත්තක්ඛත්තුං

අ. සත්වරක්, හත්වාරයක්. (පි. 496)

සත්තකි

ඉ. මෙවුල්දම. (පි. 496)

සත්තති

ඉ. සැත්තෑවයි, 70. (පි. 496)

සත්තධඤ්ඤ

න. සප්තවිධ ධාන්‍යය, වී, මුං ආදී සත් වැදෑරුම් ධාන්‍යය. (පි. 496)

සත්තධා

අ. සත් පරිද්දකින්, සප්ත ප්‍ර‍කාරයකින්. (පි. 496)

සත්තපණ්ණි

රුක් අත්තන ගස. (පි. 496)

සත්තම

ති. සත්වෙනි, සත්වන, ප්‍ර‍ශස්තයා. (පි. 496)

සත්තමහාසර

පු. සප්තවිධ මහවිල්. (පි. 496)

සත්තරතන

න. සප්තවිධ රත්නය.
න. හස්ති රත්නය, අශ්ව, ඉත්ථි, ගහපති, මණි, චක්කරත්නය යන පස. (පි. 496)

සත්තරස

අ. දහහත, 17. (පි. 496)

සත්තලා

ඉ. සත්පෙති දෑ සමන්. (පි. 496)

සත්තලොක

පු. සත්වාවාසය. (පි. 496)

සත්තව

පු. සතුරා, හතුරා. (පි. 496)

සත්තවිඤ්ඤාණට්ඨිති

ඉ. සප්ත විඥානස්ථිති. (පි. 496)

සත්තසිත

ති. භයකළ, බියගැන්වූ. (පි. 497)