සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 867

සත්තාච්චි

පු. වහ්නිය, ගින්න. (පි. 496)

සත්තානුසය

පු. කාමානුසය ආදි අනුසය සත (පි. 496)

සත්තාහ

න. සතිය, සද්දිනය. (පි. 496)

සත්ති

ඉ. ආයුධය, පක්ෂියා, ශක්තිය, අශ්වයා. (පි. 496)

සත්තිධර

පු. කඳ කුමරු, අඩයටි දරන්නා. (පි. 496)

සත්තු

පු. අක්සුණු, අග්ගලා, බැදි හාල්කුඩු, අමිත්‍ර‍යා. (පි. 496)

සත්තුක

පු. සතුරා, හතුරා, විරුද්ධකාරයා. (පි. 496)

සත්තුත්තම

පු. සත්වොත්තම, සර්‍වඥ. (පි. 496)

සත්තුවලා

ඉ. සෑම් ගස්. (පි. 496)

සත්තුස්සද

පු. සප්තස්ථානයකින් උස්, කරුණු සතකින් උසස්. (පි. 496)

සත්ථ

පු. ලෝහය, සමූහය. (පි. 496)

සත්ථක

පු. වෙළෙන්දා, ගැල්වලින් ගොස් වෙළඳාම් කරන්නා. (පි. 496)

සත්ථකනිසාදන

න. පිහියා මුවාත තබන ගල. (පි. 496)

සත්ථවාහ

පු. ගැල්වලින් බඩු ගෙන ගොස් වෙළඳාම් කරන්නා.
පු. සාර්‍ථවාහකයා, වෙළඳ නායකයා (පි. 496)

සත්ථවාහක

පු. බුදුරජ. (පි. 496)

සත්ථාදි

පු. සත්වරජස් යනාදිය. (පි. 496)

සත්ථාර

පු. ශාස්තෘන් වහන්සේ, බුදුරජ. (පි. 496)

සත්ථි

න. ආයුධය, ශස්ත්‍ර‍ය.
ඉ. ශක්තිය, අඩයටිය.
පු. න. කළවය. (පි. 496)

සත්ථු

පු. ශාස්තෘ, බුදුරජ. (පි. 496)

සත්ථු අන්වය

පු. ශාස්තෘ පරම්පරාව. (පි. 497)

සත්ථුක

පු. ගුරුවරයෙකු ඇත්තා. (පි. 496)

සත්ථුවණ්ණ

පු. සර්‍වඥ ශරීරවර්‍ණය, රත්රන්, ස්වර්‍ණවර්‍ණ. (පි. 497)

සතාවරී

ඉ. සතාවාරිය. (පි. 497)

සති

ඉ. ස්මෘතිය, සිහිය. (පි. 497)